අකුරණ කොවිඩ් මරණයක්

මහනුවර අකුරණ ප්‍රදේශයේ පනස් පස් හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතව ඊයේ (19) මරණයට පත්ව තිබේ.

මෙය මහනුවර දිස්ත්‍රිකයෙන් වාර්තා වූ තෙවන කොවිඩ් මරණය බව සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසයි.

මියගිය පුද්ගලයාට කොවිඩ් අසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරුව තිබියදී ඔහුගේ ඥාතීන් තවත් පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට නීතීඥයෙකු මගින් රෝහල් බලධාරීන් ගෙන් ඉල්ල තිබීම නිසා මේවන විට එම මළ සිරුර ආදහනය කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පැන නැගී ඇත.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ (19) රාත්‍රී 8.00 වන විට කොවිඩ් අසාදිතයින් 795 දෙනෙකු හඳුනාගෙන තිබූ බව පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තු වාර්තා පෙන්වා දෙයි.

දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබෙන්නේ අකුරණ හා මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලිනි.ඒ පිළිවෙළින් 224 ක් 187 ක් ලෙසින් බව සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසයි.

සති දෙකක පමණ කාලයක් බෝගම්බර ගම්මානයට පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට පළාත් සෞඛ්‍ය බලධාරීන් ඊයේ (19) පියවර ගෙන තිබිණි.

පිළිමතලාව ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා එහි සේවකයින් 47 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *