අතෙන් ඉල්ලන්නෙ විහිළු කාරයෝ – සී.බී

මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු ප්‍රබලයින් රැසක් දිස්ත්‍රික්ක කිහිපයකට පොහොට්ටුව සලකුණ යටතේ තරග කරද්දි ප්‍රාදේශිය සංවිධායකයින් කිහිප දෙනෙකු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අත සලකුණ යටතේ තරග කිරිමට කටයුතු කිරිම හාස්‍යය ජනක කරුණක් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අපේක්ෂක සි.බි රත්නායක මහතා පැවසිය. සි.බි රත්නායක මහතා එ් බැව් කියා සිටියේ මහ මැතිවරණය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පැහැදිලි කිරිම සඳහා ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති මාධ්‍යය හමුවකට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු සි.බි රත්නායක මහතා කියා සිටියේ ඕනෑම දිස්ත්‍රික්කයට කුමන පක්ෂයකින් හෝ ලාංජනයක් යටතේ තරග කළද එය ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයට අභියෝගයක් නොවන බවත් , මහ මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවයි.

මේ රටේ සිදු වු සුනාමි ව්‍යසනය, 30 වසරක යුද්ධය සහ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමට සාර්ථකව මුහුණ දීමට රාජපක්ෂවරුන් කටයුතු කළ නිසා ජනතාව රටේ ඉදිරි අනාගතය ගැන සිතා මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය 2/3 බලයක් සහිතව ජයග්‍රහණය කරවිමට කටයුතු කරන බව ස්ථිර බවද ඔහු පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *