අද සිට වවුනියාවේ පාසල් 04ක් වසා දැමේ

පාසල් ශිෂ්‍යාවකට කොරෝනා වැළඳීම නිසා අද (15) සිට වවුනියාවේ ප්‍රධාන පාසල් 04ක් වසා දමා තිබේ.  රෝගී සිසුවිය වවුනියාව කට්කුලී ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අද සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇත්තේ, වවුනියාව දෙමළ මහා විද්‍යාලය, රම්බකුලම කාන්තා විද්‍යාලය, වවුනියාව සී.සී.ටී. එම් එස් විද්‍යාලය හා වවුනියාව ගාමිණී මහා විද්‍යාලය යන පාසල් ය.

ඒ අතර ලංකා ගුරු සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ වවුනියාව පුවරසන්කුලම විද්‍යාලයද වසා දමන ලෙසයි. ඊට හේතුව කොවිඩ් වසංගත තත්ත්වය නිසා යාබද සාලම්බකුලම් ගම්මානය වසා දමා තිබීමයි. ඔවුන් සඳහන් කරන්නේ අධ්‍යාපන කටයුතු උදෙසා සාලම්බකුලමේ පිරිස පුවරසන්කුලමට නිතර පැමිණීම ගැටලු සහගත බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *