අපි රාජ්‍ය දේපල විකුණන ආණ්ඩුවක් නෙවෙයි – සුසිල් ප්‍රේමජයන්ත

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේදී ද ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයේදීද ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ජනතාවගේ විශාල සහයෝගයක් ලැබීමෙන් බලයට පත් වූ රජය ජනතාව සතු රජයේ දේපොළ විකිණිම සිදු නොකරන්නේ යන ප්‍රතිපත්තියේ එදත් අදත් සිටි බවත් එහි වෙනසක් වෙන්නේ නැති බවත් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේය.

පාසල් පෙළ ‍පොත් බෙදීම 90% ක් පමණ අවසන් වී ඇති බවත් ඉදිරි සති කිහිපයය තුළ සියලු පොත් බෙදා බෙදීම අවසන් කළ හැකි බවත්  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,විවෘත විශ්ව විද්‍යාල, හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මහතා පවසයි.පහේ ශිෂ්‍යත්ව විභාග කඩයිම් ලකුණු මෙතෙක් ලබාදී තිබෙන ආකාරයෙන්ම මෙවරත් ලබාදී තිබෙන බවත් ළමුන්ගේ ප්‍රතිපල ඉහළ යෑම නිසා ලකුණු තත්වය ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් , ඉලක්ක කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිලිබදව පළාතේ අධ්‍යාපනවේදීන් සහ වෘත්තිකයන්ගෙන් අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා කුණ්ඩසාලේ පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (30) පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නැගෙනහිර ජැටිය සම්බන්ධ සිද්ධි‍යේදි කලින් ඇතිකරගත් කොන්දේසි අවබෝධතා ගිවිසුම් මත සියලු දේ සිදුවන බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා, අමාත්‍ය මණ්ඩලය යම් ප්‍රතිපත්තිමය තීරණයක් ගනීවී යන විශ්වාසය පවතින බනත් කී ඒ මහතා එහිදී මේ කරුණ සම්බන්ධයෙන් සියලු සාධක සැලකිල්ලකට ගෙන කටයුතු කිරීම වැදගත් බවද අවධාරණය කළේය.

සම්පත් විකිණිමේදි සමහර අවස්ථාවලදී රටේ ඉඩම් සම්පූර්ණයෙන්ම සමාගම් සඳහා විකුණු අවස්ථා තිබූ බවත් ‍ජැටිය සම්බන්ධ සිදුවීමේදි සිදුවෙන්නේ වරාය අධිකාරිය සම්බන්ධ වෙන සමාගමක් ගොඩ නැගීම බවත් කී ඒ මහතා ඒ සමා‍ගමමේ කොටස් සම්බන්ධයෙන් යම් අදහස් ප්‍රකාශ කිරිම් සිදුවෙන බවද පැවසුවේය.

ඇමෙරිකාව ඇතුළු රටවල ජනතාව කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පීඩාවට හා මියයන පසුබිමක් ඇතිව තිබෙන බවත් එය මානව හිමිකම් කඩවීමක් බවත් කී ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ ‍නොකර අවුරුදු දහයකට පෙර වූ  සිදුවීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරයිය අදහස් දැක්වීම පුදුමයට කරුණක් බවද අවධාරණය කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලිලිත් යූ ගමගේ මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *