අයහපත් කාලගුණය, බලංගොඩ දෙදෙනෙක් මරුට

රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ. හෙටිටිආරචිචි

බලන්ගොඩ  පින්නවල  වලවවත්ත වතු  යායේ  ගසක් කඩා වැටීම හේතුවෙන්  අමු  තේ දළු නෙළමින්  සිටි  කාන්තාවන්  දෙදෙනෙකු  මියගොස්  තවත්  කාන්තාවක  බරපතළ තුවාල   තුවාල ලබා අද  (14)  බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

ප්‍රදේශයට  වර්ෂාවත් සමග පැවැති  තද සුළං තත්ත්වය හේතුවෙන්  එම  ගස කඩා වැටී  ඇත.
වලවවත්ත වතු යායේ පදිංචි  දෙදෙනෙකු ගසට යටවීම නිසා මෙලෙස  මියගොස් තිබේ. තුවාල  ලබා රෝහල්  ගතකළ කාන්තාවගේද තත්ත්වය  බරපතල  බව රෝහල්  ප්‍රකාශකයෙක්  කීය. සිද්ධිය සම්බන්ධයෙන් පින්නවල පොලීසිය පරික්ෂණ පවත්වයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *