අවධානය නැත අවදානම ඇත – කොරෝනා අප අතර

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

නව කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගන්නා ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය අගෝස්තු 31 වැනිදා නැවත වතාවක් ලෝකයේ සියලූම රටවලින් ඉල්ලා සිටියේය. විශේෂයෙන්, කොරෝනා වෛරසය හේතුවෙන් වසා දමා තිබුණු නගර, රටවල් යළි විවෘත කිරීමේදී ආරක්ෂිත ක්‍රියාමාර්ග උපරිම ලෙස අනුගමනය කළයුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේය. ආරක්ෂිත පියවර දැඩි ලෙස අනුගමනය කරනා තරමට හා නීති රීති දැඩි කරනා තරමට, රටවල් යළි විවෘත කිරීමේ අවස්ථා පුළුල් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් අවධාරණය කරන්නේය. කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමට පටන්ගත් මුල් අවස්ථාවේ සිටම ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදුන් නිර්දේශ ත්‍රිත්වය, එනම්, ශාරීරික දුරස්ථභාවය රැකීම, මුඛ ආවරණ පැළඳීම, නිරතුරුව සබන් යොදා දෑත් සේදීම යන සෞඛ්‍යාරක්ෂිත පියවර තවදුරටත් තරයේ පිළිපැදිය යුතු වන්නේය. එමෙන්ම, පොදු ජනතාව බහුල වශයෙන් රැස්වන අවස්ථා බඳු කොවිඩ්-19 වෛරසය පහසුවෙන් ව්‍යාප්ත විය හැකි සිද්ධීන් අවම කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇත්තේය. නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමෙහිලා තම රටට ගැලපෙන අලූත් ක්‍රමවේද අත්හදා බැලීමේ වරදක් නැතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේය. කොරෝනා රෝගීන් කෝටි දෙක ඉක්මවයි - aithiya
ලෝ පුරා ලක්ෂ නවයකට කිට්ටු පිරිසක් නව කොරෝනා වෛරසයෙන් මියගොස්, මිලියන 25කට (ලක්ෂ 250කට) වැඩි පිරිසක් ආසාදිතයන් බවට පත්ව ඇති පසුබිමක් තුළ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවවාදය සුළු කොට තැකිය නොහැකි වන්නේය. එමෙන්ම, අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය එන්න එන්නම දරුණු වීම ද සුළු කොට තැකිය නොහැකි වන්නේය. පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 20කට වැඩි පිරිසක් හමුවූ අතර, අගෝස්තු මාසය තුළ ඉන්දියාවේ කොරෝනා ආශ්‍රිත මරණ 28,000ක් වාර්තා වී ඇත්තේය. මෙවන් පසුබිමක් තුළ, අප රටක් හැටියට කොතෙක් දුරට සාර්ථකව කොරෝනා වෛරසය පාලනය කළද, කොරෝනා ආසාදිතයන් වෙනත් රටකින්, විශේෂයෙන් ඉන්දියාවෙන්, මෙරටට සංක්‍රමණය වීමේ තර්ජනය සුළු කොට තැකිය නොහැකි වන්නේය. නව කොරෝනා වෛරස ව්‍යාප්තිය මැනවින් පාලනය කරන ලද රටවල් අතරින්  ලංකාව මුල්තැනක් ගෙන සිටින අතර, ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසුණු සියලූ පාර්ශ්වයන්ට කාගේත් ස්තූතිය, ප්‍රශංසාව හිමි විය යුත්තේය. මෙම දුෂ්කර කාර්යයේදී, ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය නායකත්වය පෙන්වූ දූරදර්ශී, පරිණතභාවය ප්‍රශස්ත වූ අතර, සෞඛ්‍ය බලධාරීන් හා ආරක්ෂක නිලධාරීන් දැක්වූ කැපවීම ප්‍රශංසනීය වන්නේය. මෙහිදී, සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් බහුතර ජනතාවගෙන් (ඉතා සුළු පිරිසක් හැර) ලැබුණු සහයෝගය ද බැහැර කළ නොහැකිය. පසුගිය අප්‍රේල් 30 වැනිදායින් පසුව, එනම්, ගෙවී ගිය මාස හතරක කාලය තුළ ලාංකේය සමාජය තුළින් කොරෝනා ආසාදිතයෙකු හමු නොවූයේ මේ සියලූ පාර්ශ්වයන්ගේ දැඩි උත්සාහය නිසා බව අමුතුවෙන් කිවයුතු නැත්තේය. එමෙන්ම, මේ වන විට රාජ්‍ය හා පෞද්ගලික ආයතන හැමෙකක්ම පාහේ විවෘත වී ඇති අතර, පසුගිය සැප්තැම්බර් 2 වැනිදා සියලූම පාසල් ද විවෘත කෙරුණේය. විශ්වවිද්‍යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතන ද අදියර කිහිපයකින් විවෘත වූ අතර, සමස්ථයක් ලෙස රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත්තේය.  එහෙත්, පසුගිය සතියේ විදෙස් රටවල සිට ලංකාවේ කොරෝනා අසාධිත පුද්ගලයින් සංඛ්‍යාව 05ක් දක්වා ඉහලට - Tharunaya.usපැමිණි ලාංකිකයන් අතර වූ කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණයෙහි වැඩිවීමක් දක්නට ලැබුණේය. එනම්, පසුගිය සැප්තැම්බර් 2 වැනිදාට පෙර ගතවූ පැය 36ක කාලය තුළ, පිටරටින් පැමිණි අය අතර කොරෝනා ආසාදිතයන් 70 දෙනෙකු වාර්තා වූයේය. මේ අය ඉන්දියාව, මාලදිවයින සහ මැදපෙරදිග රටවලින් පැමිණි පුද්ගලයන් වන අතර, නිරෝධායන මධ්‍යස්ථානවල කෙරුණු පීසීආර් පරීක්ෂණවලින් රෝගීන් තහවුරු වී ඇත්තේය. මෙයාකාරයට, විදෙස් රටවල සිට පැමිණෙන ලාංකිකයන් අතරින් කොවිඩ්-19 ආසාදිතයන් හමුවීමේ සීඝ්‍රතාවය වැඩිවීම කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බව, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරන්නේය. තවද, නිරෝධායන මධ්‍යස්ථානවල ධාරිතාවය උපරිමයට ළඟාවී ඇති හෙයින්, විදේශගත  ලාංකිකයන් යළි මෙරටට ගෙන්වීම සීමා කිරීමට කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කොට ඇත්තේය.
මේ අතර, දිනකට පීසීආර් පරීක්ෂණ 1000ක් කළ හැකි අංග සම්පූර්ණ රසායනාගාරයක් කටුනායක ගුවන් තොටුපොළට ලබාදීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කොට ඇතැයි වාර්තා වන්නේය. කොරෝනා ආසාදිතයන් පරීක්ෂා කිරීම සඳහා රුපියල් කෝටි හතර හමාරක් වටිනා යන්ත්‍ර හා උපකරණ, ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් දැනටමත් කටුනායක ගුවන් තොටුපොළට ලබාදී තිඛෙන අතර, ඊට අමතරව තවත් පීසීආර් යන්ත්‍රයක් ලබාදීමට අපේක්ෂා කරන බව එම සංවිධානයේ  ලංකා ප්‍රධානී සරට් දාෂ් මහතා පවසන්නේය. සමස්ථයක් ලෙස ගත්කළ, පසුගිය අගෝස්තු අවසන් වන විට මෙරට තුළ පීසීආර් පරීක්ෂණ 230,000කට කිට්ටු ප්‍රමාණයක් සිදුකර තිඛෙනාතර, තවදුරටත් සමාජය තුළ අහඹු පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින්නේය.  කන්දකාඩු කොරෝනා : හබරාදුවේ උපදේශකටත් ආසාදනය වෙලා : බිරිඳ ගුරුවරියක් - පාසල්  ළමුන් නිරෝධායනයට
මේ අනුව බලනා විට, රජයේ පැත්තෙන්, විශේෂයෙන් කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැත්තෙන්, කොවිඩ් පාලන ක්‍රියාමාර්ග කිසිසේත් ලිහිල් කොට නැති බව පැහැදිලිය. එහෙත්, කනගාටුවට මෙන්, ජනතාවගේ පැත්තෙන් මේ වන විට තත්ත්වය තරමක් සැහැල්ලූවට ගෙන ඇති බවක් පෙනෙන්නට ඇත්තේය. විශේෂයෙන්, පසුගිය මැතිවරණ සමයේදී සමහර දේශපාලනඥයන් සෞඛ්‍ය නිර්දේශ නොසලකා ක්‍රියාකිරීම, ජනතාවගේ හැසිරීම් රටාවට හා ආකල්පවලට අයහපත් බලපෑමක් ඇතිකළ බව බැහැර කළ නොහැකිය. මේ වන විට ඇතැම් ප්‍රදේශවල ඇතැම් උදවිය මුඛ ආවරණ පැළඳීම සම්පූර්ණයෙන්ම පාහේ අත්හැර දමා තිඛෙන අතර, තවත් සමහර උදවිය මුඛ ආවරණ පළඳින්නේ නිකට ආවරණය වන පරිදි පමණය. නිරන්තරයෙන් සබන් යොදා අත් සේදීම ඇතමුන්ට අමතක වී තිඛෙනාතර, සමහර පොදු ස්ථානවල අත් සෝදන බේසම් වියළී ගොස් ඇත්තේය. සමහර ඒවායේ ජල කරාම කැඩී ඇත්තේය. එපමණක් නොව, ශාරීරික දුරස්ථභාවය රැකගැනීමේ අවශ්‍යතාවය ද බොහෝ දෙනෙකුට අමතක වී ඇති බවක් පෙනෙන්නේය.
එසේ වුවද, පශ්චාත් කොරෝනා ලෝකය තුළ, නව සාමාන්‍ය තත්ත්වය තුළ, කොරෝනාවට පෙරාතුව පැවති තත්ත්වයට (පූර්ව කොරෝනා ලෝකයට) යළි ගමන් කළ නොහැකි බව අප තේරුම් ගතයුතු වන්නේය. තවදුරටත්, මාස කිහිපයක් (සමහර විට ඊටත් වැඩි කාලයක්) සෞඛ්‍යාරක්ෂිත පියවර දැඩි ලෙස අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව අප තේරුම් ගතයුතු වන්නේය. ඉහත කී පරිදි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන නිර්දේශ ත්‍රිත්වය (ශාරීරික දුරස්ථභාවය රැකීම, මුඛ ආවරණ පැළඳීම, නිරතුරුව දෑත් සේදීම) තවදුරටත් දැඩි ලෙස පිළිපැදිය යුතු බව අප තේරුම් ගතයුතු වන්නේය. මෙම පසුබිම තුළ, කොරෝනා අවදානම ගැන තවදුරටත් දැඩි අවධානයෙන් සිටිය යුතු බව අප තේරුම් ගතයුතු වන්නේය. නව කොරෝනා වෛරසය තවදුරටත් ලෝකය පුරා ව්‍යාප්තවෙමින් පවතින හෙයින් ඒ පිළිබඳව තවදුරටත් දැඩි අවධානයෙන් සිටිය යුතු බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද පසුගියදා “දිවයින˜ට පවසා තිබුණේය. මෙරට තුළ කොරෝනා දෙවෙනි රැල්ලක් ඇති නොවීමට නම්, අප සියලූ දෙනාම තවදුරටත් දැඩි අවධානයෙන් සිටිය යුතු වන්නේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *