ආගරපතන සභාපති පක්ෂයෙන් නෙරපයි

නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට සහභාගි වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට තිරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ භාණ්ඩාගාරික,නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පවසයි.

මේවන විට ස්වයං නිරෝධායනයට යොමුව සිටින මන්ත්‍රිවරයා තලවකැලේ මඩකුඹුර නිවසේ සිට දුරකථන ඔස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාව සෞඛ්‍ය අංශ විසින් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ස්වයං නිරෝධානයට යොමු කර සිටියදි ඒ පිළිබදව පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාව දැනුවත් නොකර ප්‍රභුවරුන් සහභාගි වු රැස්විම් තුනකට සහභාගි විම නිසා ප්‍රභුවරුන් කිහිප දෙනෙකු සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු මේ වන විට සෞඛ්‍යය අංශ විසින් ස්වයං නිරෝධනයට යොමුකර සිටින බව රමේෂ්වරන් මන්ත්‍රිවරයා කීවේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයාට පක්ෂයේ පුර්ණ බලතල ඇති බැවින් කදිර් සෙල්වම් සභාපතිවරයාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඒ බව හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටින ඒ මහතාට දුරකථනය මගින්  දැනුම් දුන් බවත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයාගේ ස්වයං නිරෝධායන කටයුතු අවසන් විමෙන් පසු කදිර් සෙල්වම් මහතා සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවසුවේය. 

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා සහ තමන්ගේ ස්වයං නිරෝධායන කාල සීමාව ජනවාරී 03 දින අවසන් විමට නියමිත බවද ඒ මහතා කීය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *