ආණ්ඩුව පොරොන්දු කඩ කළා – ජාතික ජන බලවේගය

ජිවන වියදම වැඩි විමට එරෙහිව සහ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය 26 ක බදු බර වැඩි කිරිමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිහඬ විරෝධතා ව්‍යාපාරයක් (19) දින හැටන් නගරයේ ඔරලෝසු කණුව අසලදි සිදු කෙරිණ. ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක මංජුල සුරවිරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවයට ජාතික ජන බලවේගයට සහයෝගය දක්වන වතුකරයේ විශාල පිරිසක් විරෝධතා පුවරු කිහිපයක් ප්‍රදර්ශනය කරමින් නිහඩ විරෝධතාවය දැක්විය.

මෙම විරෝධතාවයේදි මාධ්‍යයට අදහස් දැක් වු ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක මංජුල සුරවිර ආරච්චි මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වෙලා මාස 8 ක් ගත වෙනවා , මැතිවරණයට පෙර විශාල පොරොන්දු ප්‍රමාණයක් දුන්නා. ජනතාවට සහන දෙනවා , දිමනා දෙනවා යනුවෙන් බොරු පොරොන්දු රැසක් දුන්නා. අද මොකද වෙලා තියෙන්නේ පොරොන්දු සියල්ල බිද දමලා, ජනතාව මත අධික බදු බර පටවලා තියෙනවා. කොරොනා වෛසරය නිසා අර්ථික වශයෙන් ජනතාවට පහලට වැටිලා ඉන්න වෙලාවක , අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය 26 ක බදු බර වැඩි කරලා තියෙනවා. කොරොනා වෛරස් කාලයේ ආණ්ඩුව කිව්වා ලිසිං සහන දෙනවා කියලා, දැන් ඒ පොරොන්දුවත් බිද දමලා එකත් ජනතාව මතට වැටිලා තියෙනවා.

බැංකු ණය වාරික සහන ලබාදෙනවා කිව්වා , දැන් ජනතාවට ණය සහන නැ පොලිය සමග ණය වාරික ගෙවන්න සිදු වෙලා තියෙනවා. ජනතාවට සහන සපයන්න කියලා ආව ආණ්ඩුව දැන් ජනතාව පිඩාවට පත් කරලා තියෙනවා ජනතාවට කබලෙන් ලිපට වැටුණා වාගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ආණ්ඩුව බලයට එන්න හිතන් ඉන්නවා නම් ජනතාවට බොරු පොරොන්දු දෙන්න එපා ජනතාට සහන ලබා දෙන්න. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බුද්ධිමත් වෙන්න, ඉදිරි අවුරුදු පහට ඔබේ අනාගතය තිරණය කරන අවස්තාවක්. යහපාලන රජයටත් අපි විරුද්ධ වුණා , මේ රජය යහපාලන රජයට වඩා ජනතාව පිඩාවට පත් කරලා තියෙනවා. මේ රජයත් ඉන්ධන සහනය දෙන්න පුළුවන් කම තියෙද්දි සහනය දෙන්නේ නැතුව ජනතාව පිඩාවට පත් කරලා තියෙනවා. ආණ්ඩුව ජනතාවට සහන ලබාදෙන තෙක් අපි සටන් කරනවා යනුවෙන් පැවසිය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *