ඇත් රජු රාජා ගුණ සැමරේ

මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ අඛන්ඩව අඩසිය වසක් සධාතුක කරඬුව වැඩම කළ රාජා ඇතා මියගොස් වසර 32 ක් සපිරීම් නිමිත්තෙන් අද (16) දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මූලිකත්වයෙන් උපහාර උත්සයක් පැවැත්විණි. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කරන මියන් රාජා, බුරුම රාජා,පුලතිසි රාජා හා සිංහ රාජා යන ඇතුන් සිව් දෙනා රාජා හස්තියාගේ නිසළ දේහය තැන්පත්කර තිබෙන කෞතුකාගාරය වෙත ගොස් වසරබපනහක් සාධාතුක කරඬුව වැඩම වූ තම ජ්‍යෙෂ්ඨයාට වැඳ නමස්කාර කිරීම විශේෂත්වයකි.

වර්ෂ 1988 ජූලි මස 16 දින රාජා හස්තියා මරණයට පත්වීමෙන් පසු රාජගේ සිරුර දිරාපත් නොවන ලෙස සකස්කර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ විශේෂ කෞතුකාගාරයක් තනවා තැන්පත් කරනු ලැබීය. හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් රජා ජාතික වස්තුවක් ලෙස නම්කළ අතර එවැනි ගෞරවයක් ලද ලොව එකම හීලෑ ඇතා ලෙස රාජා ඉතිහාසයට එක්ව තිබේ. මහනුවර ඇසළ පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවීමේදී රජා තුළ වූ සංවර භාවය හා ගෞරවය අදත් වැඩිහිටි ජනතාව සිහිපත් කරන අතර දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන සෑම විටම රජා දැක බලා වැඳ නමස්කාර කිරීමට ඔවුහූ අමතක නොකරති. රාජාගේ මරණයෙන් පසු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව 1989 වසරේදී රජා වෙනුවෙන් මුද්දරයක් නිකුත් කළ අතර එම මුද්දරය ශ්‍රී දළදා මාලිගාවේ රජා ඇතා කෞතුකාගාරයේ එය තැන්පත් කිරීමට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඊයේ (16) පියවර ගත්තේය.

රාජාගේ 32 වන අනුස්මරණය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට විශේෂ පලතුරු සංග්‍රහයක් කිරීමටද දෑල බණ්ඩාර මහතා අමතක නොකළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *