ඇමරිකානු විද්‍යාඥයා ජෛව රසායන රහස් චීනයට විකූණලාද?

(ද වර්ජ් වෙබ් අඩවිය ඇසුරෙනි)

හාවඩ් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව හා රසායනික ජීව විද්‍යා අංශයේ ප්‍රධානී චාල්ස් ලිබර්ට අඟහරුවාදා චෝදනා එල්ල වූයේ විදේශීය පර්යේෂකයන් බඳවා ගැනීමේ චීනයේ වැඩපිළිවෙළට ඔහුගේ ඇති සම්බන්ධය  පිළිබඳව අසත්‍ය ප්‍රකාශ කළ නිසාය. ලයිබර්ට එරෙහි අපරාධ පැමිණිල්ලට සහාය දක්වන දිවුරුම් ප්‍රකාශයකට අනුව  දහසක් කුසලතා වැඩසටහන සමඟ කොන්ත්‍රාත්තු ගතව සිටි ඔහුට  මාසිකව ඩොලර් 50,000 ක් දක්වා වැටුපක් සහ වසර තුනක කාලයක් තිස්සේ ඩොලර් 150,000 කට වඩා වැඩි වාර්ෂික ජීවන වියදමක් ලබා දී ඇත.  ඒ අතර චීන රජය සහ වුහාන් තාක්‍ෂණ විශ්ව විද්‍යාලය (WUT) විසින් ඔහුට ඩොලර් මිලියන 1.5 කට වැඩි මුදලක් ලබා දී ඇත්තේ විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයක් ආරම්භ කර පර්යේෂණ පැවැත්වීමටය.

එෆ්.බී.අයි විමර්ශන වලට අනුව පිටු දැකිය යුතු, වඩාත්ම ප්‍රවීණ විද්‍යාඥයින්ගෙන් එක් අයෙකි

ලයිබර් යනු වෙනත් රටවල් සඳහා පර්යේෂණ සොරකම් කරන විද්‍යාඥයින් පිළිබඳ එෆ්.බී.අයි හි විමර්ශනවල අවධානයෙන්  තවමත් ගිලිහී ගොස් නැති වඩාත් කීර්තිමත් විද්‍යාඥයින්ගෙන් කෙනෙකි.  වැඩිමනත්ම චීන සම්බන්ධය ඇතිව එක්සත් ජනපදය පුරා ආයතන 71 ක බුද්ධිමය දේපළ සොරකම් සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධය පිළිබඳ අවම වශයෙන් පරීක්ෂණ 180 ක් පමණ පවතින බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගිය නොවැම්බර් මාසයේදී වාර්තා කළේය.  “චීනයේ අධි තාක්‍ෂණික කර්මාන්ත සහ නැගී එන විෂයයන් වැඩිදියුණු කළ හැකි” ප්‍රමුඛ විද්‍යාඥයින් ගෙන්වා ගැනීම අරමුණු කරගත් දහසක් කුසලතා වැඩසටහන සෝදිසි කිරීමේ කේන්ද්‍රස්ථානයකි.

ලයිබර් යනු හාවඩ් හි වඩාත්ම කීර්තිමත් මහාචාර්යවරයකු වන අතර නැනෝ විද්‍යා හා නැනෝ තාක්ෂණික පර්යේෂණවල ප්‍රමුඛයෙකි.  විදුලි වාහන සඳහා නැනෝ වයර් ලිතියම්-අයන බැටරි පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය කිරීම සඳහා හාවඩ් වෙනුවෙන් ඩබ්ලිව්.යූ.ටී සමඟ වැඩ කිරීමට ඔහු ගිවිසුමක් අත්සන් කළ බව පැවසෙන දිවුරුම් ප්‍රකාශයට අනුව එවැන්නක් අත්සන් කිරීමට ඔහුට බලයක් නොමැත. දහස් ගණනක් කුසලතා වැඩසටහන හරහා ලයිබර් ඩබ්ලිව්.යූ.ටී සමඟ කළ වැඩ කටයුතු හාවඩ් වෙත වැරදි ලෙස නිරූපණය කළ බවත් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ ජාතික සෞඛ්‍ය ආයතනවලට බොරු කියා ඇති බවත් දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.  DOD සහ NIH යන අරමුදල් දෙකම හාවඩ් හි ලයිබර්ගේ පර්යේෂණ කණ්ඩායමට මුදල් සපයයි.  මූල්‍ය ප්‍රදාන ලැබීමට, විදේශ සම්බන්ධතා සහ සහාය පිළිබඳ අනාවරණය කිරීමට ලයිබර්ගේ පර්යේෂණ කණ්ඩායමට සිදු විය.

මේ වනවිට ලයිබර් වැටුප් සහිත පරිපාලන නිවාඩු මත තබා ඇති අතර හාවඩ් විශ්ව විද්‍යාලය වෙත ආපසු යාමට අවසර නැත.  මහාචාර්ය ලිබර්ට එරෙහිව එක්සත් ජනපද රජය විසින් ගෙන එන ලද චෝදනා අතිශයින් බරපතල ය.  හාවඩ් විශ්ව විද්‍යාලය ජාතික සෞඛ්‍ය ආයතන ඇතුළු ෆෙඩරල් බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර, වර්ජ් වෙබ් අඩවිය වෙත විද්‍යුත් පණිවිඩයක් එවමින් හාවඩ් විශ්ව විද්‍යාලය පවසා ඇත්තේ ලයිබර්ගේ විෂමාචාරය පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක්ද පවත්වන බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *