ඇමරිකාවට උත්තර, කොරෝනා සාම්පල විනාශ කළ හේතුව චීනය කියයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ අවධියේදී වෛරස සාම්පල සමහරක් විනාශ කළ බව පිළිගන්නා නමුත් එය සිදුකළේ ව්‍යසනය සැඟවීමේ පියවරක් ලෙසින් යැයි ඇමරිකාව එල්ල කරන චෝදනාවලට අභියෝග කරන බව චීනය පවසයි.
චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ, විද්‍යා හා අධ්‍යාපන ඩිවිෂනයේ සුපරීක්ෂක ලියූ ඩෙන්ග්පෙන්ග් බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවක් අමතා පසුගිය සිකුරාදා පැවසුවේ මෙවැනි දැඩි ආසාදන කාරක විෂබීජයක සාම්පල රඳවා තබාගැනීමට “විද්‍යාගාර ජෛව විද්‍යාත්මක ආරක්ෂාව අවදානමට ලක්වීම වැළැක්වීමට සහ හඳුනානොගත් ව්‍යාධිකාරක මගින් ඇතිවිය හැකි ද්විතීයික ආසාදන වැළැක්වීමට” අදාලව පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවන හෙයින් ඒවා විනාශ කර දමන්නැයි ජනවාරි 03 වැනිදා චීන රජය නියෝග කළ බවයි.

SARS-CoV-2, ලෙස දැන් නිල වශයෙන් හඳුන්වනු ලබන නව කොරෝනා වෛරසය හෙළිදරව්වීමෙන් අනතුරුව පර්යේෂණ සහ ප්‍රවීණයන්ගේ නිර්දේශ මත අධි ව්‍යාධිජනක හෝ ද්වීතියික ශ්‍රේනියේ වෛරසයක් ලෙස වර්ග කෙරුණු බව ලියූ පවසයි. “රෝග කාරක එකතු කිරීම, ප්‍රවාහනය, අත්හදා බැලීමට භාවිතය, ව්‍යාධිකාරක වනසා දැමීම”, අතරතුර කාන්දුවීමක් හෝ අත්වැරදීමක් ඇතිවීමට තිබූ පැහැදිලි ඉඩ වැළැක්වීමේ අවශ්‍යතාව මත එම තීන්දුව ගත් බව ඔහු පෙන්වා දෙයි.

පසුගිය මාසයේ සිට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයි තර්ක කරන්නේ, ජනවාරි 03 වැනිදා චීන රජය එම නියෝගය නිකුත් කළේ පුපුරා යාම පාලනය කිරීම සඳහා දැරූ ප්‍රයත්නයක් ලෙස බවයි. ව්‍යාධියට එරෙහි සටනේ ජාත්‍යන්තර ප්‍රයත්නයන් වෙත බලපෑම් කිරීම සඳහා කොරෝනා වෛරසය පිලිබඳ පර්යේෂණ තොරතුරු වාරණය කිරීමට චීනය ක්‍රියා කළ බව ඔහු සැක කරයි. “මේ වෛරසය පිළිබඳ දත්ත මුල ඉඳලම හංගල දාන්න චීන කොමියුනිස්ට් පක්ෂය උත්සාහ කළා. කොහෙද එය ආරම්භ වුණේ, කොහොමද පටන් ගත්තේ, මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝ් වෙන්න පටන් ගත්තෙ කොහොමද, ලෝක සෞඛ්‍ය සංවිධානෙ වැඩකරන උදවියගෙන් පවා මේ කතාව වහං කරන්න එයාලා උත්සාහ ගත්තා” යනුවෙන් ක්‍රිස්තියානි ගුවන් විදුලි වැඩසටහනකට මයික් පොම්පියෝ සඳුදා පැවසීය.

පෙබරවාරි 04වැනිදා ගනු ලැබූ මෙම ඡායාරූපයෙන් පෙනෙන්නේ, පසුව වෛරස ව්‍යාප්තියේ චීන අපිකේන්ද්‍රය වූ හුබෙයි පළාතේ වූහානයේ නිරෝධායන කලාපයකින් පරීක්ෂණ සඳහා කැඳවා ගනු ලැබූ රෝගියෙකුගෙන් ලබාගත් ජෛව සාම්පල සහිත පරීක්ෂණ නළයක් අල්ලාගෙන සිටින සෞඛ්‍ය සේවකයෙකි. එක්සත් ජනපදය හා චීනය එකිනෙකාගේ වගකීම් ගැන අවලාද නගා ගනිමින් සිටියදී ගෝලීය ආර්ථිකයටද ඇතුළුව ලෝකයටම කොවිඩ් 19 බලපා ඇත.

බීජිං පාලනයේ එළඹුම ආරක්ෂා කරමින් ලියූ සිකුරාදා පැවසුවේ, චීන මහජන සෞඛ්‍ය නීති පැහැදිලිවම කියා සිටින්නේ සිය ආයතනවලට බරපතල ව්‍යාධිජනකයක් ගබඩා කරගැනීමට අවශ්‍ය පහසුකම් නොමැතිනම් ඒවා ආරක්ෂා සහිතව ගබඩා කළහැකි තැනකට මාරු කිරීම හෝ විනාශ කර දැමීම කළ යුතු බවයි. සිකුරාදා මාධ්‍ය හමුවේදී ලියූ පැවසුවේ, මේ එක්සත් ජනපද නිලධාරීන් ප්‍රේක්ෂකයා හිතාමතා අවුලක⁣ට ඇද දමමින් පැහැදිලිවම සන්දර්භයෙන් පිටස්තර කරුණු පතුරුවා හරින බවයි.

කොරෝනා වසංගතයේ ආරම්භය පිළිබඳ සිය තක්සේරුව සංශෝධනය කරමින් ආරක්ෂක බුද්ධි සේවා මාර්තු 27 සඳහන් කළේ, ස්වභාවික ව්‍යසනයක් ලෙස එය ව්‍යාප්ත වූ බවට ඇති එනම් සතුන්ගෙන් බෝ වූ (zoonatic) මූලික අදහසට අතිරේකව වූහාන් වෛරසවේද ආයතනයේ විද්‍යාගාරයක අත්වැරදීමකින් එය ආරම්භවීමේ පුලුවන්කමක්ද තිබෙන බවයි. කොහොමවෙතත් මේ නව උපකල්පනය තහවුරු කිරීමට සාක්ෂි හෙළිදරව් වී නැහැ.

ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නිලධාරීන් දෙදෙනෙකු තහවුරු කළ සී.අයි.ඒ වාර්තාවක් උපයෝගී කරගනිමින් පසුගිය අඟහරුවාදා Newsweek වාර්තා කරන ලද්දේ, වසංගතයේ අවදානම අවතක්සේරු කිරීමට ජනවාරියේදී බීජිං පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපෑම් කළා යැයි ඔත්තු සේවා සාමාජිකයන් විශ්වාස කරන බවයි. ඒ වකවානුවේ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට චීනය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ආවැඩූ බව ජනාධිපති ට්‍රම්ප් පවසයි.

නමුත් කොවිඩ් 19 රෝගයට හේතුවන කොරෝනා වෛරසය කොතැනක සම්භවය වූවද එය මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ, වූහාන් නගරය ආශ්‍රිතව වන අතර එය ලෝකය පුරා පැතිර යද්දී දැන් වූහානය වොෂිංන්ටනය හා බීජිං අතර ප්‍රධානතම භූ දේශපාලනික ආරවුලේ කේන්ද්‍රය බවට පත්ව තිබේ. බොහෝදුරට වඩා බරපතල ලෙස ව්‍යාධිකාරකයෙන් පීඩාවට පත් වූ ජාතිය හා සමග එක්සත් ජනපද පැවැත්ම තහවුරු කිරීම සඳහා ඔවුන් පවසන පරිදි ව්‍යාප්තියේ මුල් අදියරේදී චීනයේ දුර්වල කළමනාකරණය හෙළිදරව් කිරීමට ට්‍රම්ප් හා ඔහුගේ පරිපාලනය සැරසෙයි.

ට්‍රම්ප්ගේ පරිපාලනමය වගකීම පිළිබඳ චෝදනා මුඛයෙන් චීනය පෙන්වා දෙන්නේ එක්සත් ජනපදය රෝගය සම්බන්ධයෙන් තමන්ගේම වියවුලක පැටලී සිටින බවයි. සමහර චීන නිලධාරීන් චෝදනා කරන්නේ, කොවිඩ් -19 සිය රටට ගෙන එන්නට ඇත්තේ, එක්සත් ජනපද යූධ නිලධාරීන් බවයි. හෙළිදරව් නොකළ කරුණු මත පසුව ඉරාන නිලධාරීන්ද මේ හා සමාන අදහස් පළ කර තිබිණ.

මේවනවිට සමස්ත ලෝකයේ තහවුරු වූ ආසාදිතයන් ගණන වන මිලියන 4.5න් තුනෙන් පංගුවක් ඇමරිකානුවන් ව, වාර්තාගත මරණ ලක්ෂ තුනෙන් හතරෙන් පංගුවක්ද ඇමරිකානු නම් ඉදිරියේ ලියැවී තිබේ.

ලසන්ත ද සිල්වා
Newsweek ඇසුරෙනි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *