ඉන්දියාව ඉස්සරහින් අපි පසු පස්සෙන්, දූෂණ සංජානන දර්ශකය.. අපි දූෂිතයි තැන එතැනමයි

දුෂණයට එරෙහි ගෝලීය එකමුතුව වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI)
ආයතනය විසින් එලි දක්වනු ලැබූ දුෂණ සංජානන දර්ශකයට (CPI) අනුව ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අසමත් ව ඇත.
දුෂණ සංජානන දර්ශක පරිමාණය, ළකුණු 0 (බෙහෙවින් දුෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව පෙර වසරේ ලබා ගත් අගයම ලබා ගනිමින් දුෂණ සංජානන දර්ශකය තුල 38ක  අගයක් ලබා ගෙන ඇත. දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ලබා ගත් අගය අනුව එය පසු වන්නේ භූතානය (68) සහ ඉන්දියාව (41) 
යන රටවල් දෙකටත් වඩා පිටුපසිනි.

එමෙන්ම ආසියානු පැසිෆික් කලාපිය සාමාන්‍ය අගය 45 වන අතර ශ්‍රී ලංකාව එයටද වඩා පිටුපසින් පසු වේ. ඒ අනුව, 2013 වසරේ සිට 36 සහ 38 යන අගයන් අතර ඉහළ පහළ යමින් වාර්තා වන දූෂණ සංජානන දර්ශක දත්ත හරහා පිළිබිඹු වන්නේ, ශ්‍රී ලංකාවේ දුෂණ විරෝධී වාතාවරණය එක තැන පල්  වන තත්වයකට පත්ව ඇති බවයි. 2018 වර්ෂයේ දී  දුෂණ සංජානන දර්ශකයේ, 89 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව 2019 වන වර්ෂයේදී 93 වන  ස්ථානයට පත් ව ඇත. ශ්‍රී ලංකාව, දූෂණ සංජානන දර්ශකයේ ලබා තිබෙන අගය පිළිබඳ අදහස් දක්වමින්  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා මෙසේ ප්‍රකාශ  කර සිටියේය.“ දූෂණ සංජානන දර්ශකය හුවා දක්වන්නේ රාජ්‍ය අංශයේ සිදු වන දූෂණයන්. මෙම දර්ශකය තුළ අප  එක තැන පල් වීමට හේතුවක් බවට පත් වී ඇත්තේ යහපත් ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වූ දුෂණ නඩු විශාල සංඛ්‍යාවක් අධිකරණ පද්ධතිය තුල හිර වී පැවතීමයි. මෙම අභියෝගයන්ට හේතු නම් නිපුනතාවයන්හි ඇති හිඩැස්වල  සිට අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ ගැඹුරින් මුල් බැස ඇති අකාර්යක්ෂමතාවය දක්වා විහිදී පවතී”

ලංකාවට හිමි තැන

විශ්ලේෂණ පෙන්වාදෙන අන්දමට, දුෂණ සංජානන දර්ශකයේ ඉහලින්ම පවතින රටවල්වල මැතිවරණ ප්‍රචාරණ මුල්‍ය රෙගුලාසින් ශක්තිමත්ව බලාත්මක කර
ඇති අතර පුලුල් පරාසයක විහිදුනු දේශපාලන දැනුවත්භාවයක් ද පවතී. මැතිවරණ ප්‍රචාරණ මුල්‍ය රෙගුලාසි සංකිර්ණව හා ක්‍රමානුකුලව බලාත්මක කර ඇති රටවල් දුෂණ සංජානන දර්ශකය තුල ලබාගෙන ඇති සාමාන්‍ය අගය 70ක් වන අතර එවැනි රෙගුලාසි බලාත්මක කර නැති හෝ දුර්වල ලෙස  ක්‍රියාත්මක වන රටවල සාමාන්‍ය අගය පිලිවෙලින් 34 සහ 35 වේ. මේ අනුව, 2012 සිට දුෂණ සංජානන අගය  සැලකිය යුතු මට්ටමින් වර්ධනය කරගත් සියයට හැටක් පමණ වන රටවල්, මැතිවරණ ප්‍රචාරණ පරිත්‍යාගයන් පිලිබඳ රෙගුලාසි ශක්තිමත්  කරගත් රටවල් වේ.

ඔබේසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ, දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ සඳහා මහජන  ප්‍රවේශය ලබා ගැනීමේ අවශ්‍යතාවය සහ මැතිවරණ ප්‍රචාරණ රෙගුලාසි පිළිබඳව පවතින කතාබහ හැරුණු විට, මේවා සම්බන්ධයෙන් ඇත්තේ ඉතා සීමිත ප්‍රගතියක් බවත්, මෙම ප්‍රතිසංස්කරණයන් ඉදිරියට පවත්වාගෙන යාම තුලින්  මහජන විශ්වාසය නැවත ගොඩනැගීමට නව ආණ්ඩුවට අවස්ථාව  තිබෙන බවත්ය.

රටවල් 180 රාජ්‍ය අංශයේ වාර්තා වන දූෂිත ක්‍රියාකාරකම් මැනීම සඳහා 2018 වසරේ දූෂණ විරෝධී  සංජානන  දර්ශකය ගණනය කිරීමේදී, සමීක්ෂණ සහ විශේෂඥ ඇගයීම් 13 ක් යොදා ගනු ලැබූ අතර, ඉන් ලැබුණු ප්‍රථිපල අනුව, පිළිවෙලින් ඩෙන්මාර්කය සහ නවසීලන්තය ලකුණු 87 අගයක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයේ රැඳී සිටින අතර ලකුණු 9  අගයක් ලබා ගත් සෝමාලියාව අවසාන ස්ථානයේ පසු වෙයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *