ඉහළ කොත්මලේ ජලාශයට පැන්න තරුණිය බේරෙයි. බේරන්න ගිය තරුණයා අතුරුදන්

ඉහළ කොත්මලේ ජලාශයට පනින ලද විසි දෙහැවිරිදි තරුණියක දියේ ගිලෙමින් සිටියදී දියට පැන ඇගේ ජීවිතය බේරා ගැනීමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.

ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර තිබෙන දුම්රිය පාලමෙන් මෙම තරුණිය දියට පැන තිබෙන අතර ඇය බේරා ගැනීම සඳහා දියට පනින ලද පාලම අසළ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙකු දියේ ගිලී අතුරුදන්ව ඇත.

දියේ ගිලෙමින් සිටි තරුණිය බේරා ගැනීමට ගිය දෙදරු පියා ඇය අසළට ළඟාවත්ම දියේ ගිලී අතුරුදන්වූ බව සිද්ධිය දුටුවෝ පවසති. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බේරා ගන්නා ලද තරුණිය ප්‍රතිකාර සඳහා ලිඳුල පොලීසියට ඇතුළත්කර තිබේ. ජලයේ ගිලී අතුරුදන්වූ දෙදරු පියා සොයා පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් මෙහෙයුමක්ද ආරම්භකර ඇත. ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශලට පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ ජලාශයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *