උණ දැව කර්මාන්තය සංවර්ධනයට පුහුණු මධ්‍යස්ථානයක්

උණ දැව පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් අද (21 දා) ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලක්සල පරිශ්‍රයේදි සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පරිශ්‍රයේදී විවෘත කෙරුණු මෙම දැව පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය තුළින් දේශීයත්වය මුල් කර ගෙන උණ බට ආශ්‍රිත නිර්මාණ මේ රටට පමණක් නොව විදේශ රටවලට පවා ලබා දිය හැකි ස්ථානයක් බවට පත් කිරීමේ විශ්වාසයක් තිබෙනවා. සම්ප්‍රදායික නිර්මාණවලින් ඔබ්බට ගොස් නූතන්ත්වයට ගැළපෙන නිර්මාණ කිරීමට පුහුණු අයවළුන් බවට පත් වේවා යනුවෙන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.

උණ  දැව ආශ්‍රිත ව්‍යාපාරවල  යෙදෙන නවක ව්‍යාපාරිකයින් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම, උණ දැව ආශ්‍රිත නිෂ්පාදකයින්, කර්මාන්තකරුවන්, රාජ්‍ය ආයතන, විශ්ව විද්‍යාල සහ පරිශීලකයින් සඳහා ප්‍රධාන තොරතුරු සහ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙමින් ඒ සඳහා අවශ්‍ය වෙළඳපොළ පිළිගැනීම ලබා දීමට කටයුතු කිරීම, උණ දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය උපකරණ සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම මගින් ව්‍යාපාරය සඳහා යොමුවන ව්‍යවසායකයින් දිරි දිරිගැන්වීම, උණ ශාකය ආශ්‍රිත නිෂ්පාදන සඳහා වූ ජාත්‍යන්තර සම්මුති , ප්‍රකාශන සහ අනෙකුත් තොරතුරු අඩංගු මධ්‍යස්ථානයක් ලෙස  ස්ථාපිත කිරීම, උණ දැව ආශ්‍රයෙන් කරන ලද නිර්මාණ සහ විවිධ නිෂ්පාදන සඳහා  ප්‍රදර්ශනාගාරයක් ලෙස කටයුතු කිරීම, පුහුණු මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතනය සමඟ උණ ආශ්‍රිතව නව නිෂ්පාදන පිළිබඳ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම අපගේ විශේෂ අරමුණු බව තාක්ෂණික සේවා අංශ අධ්‍යක්ෂ මොහාන් ගුණසිංහ මහතා පැවසීය.

උණ ශාකය නිවර්තන , උප නිවර්තන හා ඝර්ම කලාපීය ප්‍රදේශවල බහුල වශයෙන් වැවෙන තෘණ කුලයට අයත් දැවමය වටිනාකමකින් යුත් ශාකයකි. හෙක්ටයාර මිලියන 22 ක් පමණ වනාන්තරය ප්‍රදේශයක පැතිර ඇති වඋන විශේෂ 1200ක් පමණ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් සොයාගෙන තිබෙනවා. උණ ශාකය ඉතා ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරන ස්වයං පුනර්ජනනීය ශාකයකි. අනෙකුත් ශාක විශේෂ සමග සැසඳීමේ දී උණ ශාකය 35% ක පමණ  වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් නිපදවයි. මෑත කාලීනව හඳුන්වා දෙන ලද උණ දැව ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය මගින් ලෝකේ දැව ඉල්ලුම සපුරාලීම සඳහා ඉහළ දායකත්වයක් ලබා දිය හැකිව ඇතැයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

මෙම අවස්ථාව සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා, ලක්සල ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා , ජාතික මෝස්තර සංවර්ධන සභාපති අජිත් ජයවර්ධන මහතා , ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර මහතා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අතිරේක ලේකම් එන්.ජී. පණ්ඩිතරත්න මහතා, කර්මාන්ත ප්‍රතිපත්ති අතිරේක ලේකම් එස්.එල්. නසීර් සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (යුනිඩෝ)  ආයතනයේ  ජාතික සංවිධායිකා නිරෝෂිණී පීරිස් මහත්මිය ඇතුළු  ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් රාශියක් සහභාගි වූහ.

එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (යුනිඩෝ) ආයතනයේ ආධාර ලෙස ඇමරිකානු ඩොලර් ලක්ෂයක  සහ අනුග්‍රකත්වය මත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පුහුණූ කිරීම්, යන්ත්‍ර සූත්‍ර සහ නව නිර්මාණ දායකත්වය සඳහා උපකරණ ලබා දී ඇත.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *