උතුරට බුරවි පහර දෙයි
බුරවි සුලු කුණාටුව නිසා ඇති වූ ප්රචණ්ඩ සුළඟ හා වර්ෂාව නිසා උතුරු පළාතේ දිස්ත්රික්ක කිහිපයක ආපදා තත්ත්වයක් මතුව ඇත. මේ වනවිටත් දැඩි වර්ෂාව ඇදහැලෙමින් පවතින අතර කිලිනොච්චි හා මන්නාරම දිසාවන්හී ප්රදේශ කිහිපයක නිවාසවලට හානි සිදුව තිබේ. බලධාරීීන් සඳහන් කරන අන්දමට මන්නාරම වෙඩිතලතිව් ප්රදේශයේ නිවාස කිහිපයක්ද ජලයෙන් යට ව ඇත.