උල්හිටිය වාන් දමයි
ගෙවුනු දින කිහිපයතුල ඇතිවුනු ධාරානිපාත වැසි තත්වය හේතුවෙන් උල්හිටිය රත්කිඳ නිවුන් ජලාශයේ වාන් දොරටු 7 මීටර භාගය බැගින් එසවීමට සිදුවූ බව ජලාශය භාර කාර්මික නිලධාරි දීප්ත චන්දන ජයසේකර මහතා පැවසීය. ගෙවුනු පැය 24 තුල ජලාශය ආශ්රිත ප්රදේශයට මිලි මීටර 55ක වැසි ඇද හැළුණු බව ඔහු පවසයි. ඊයේ (5)වන දින උදෑසන වන විට එම දොරටු විවෘත කර තිබුණි.
දිගින් දිගටම වැසි තත්ත්වය පැවතුන හොත් ජලාශයේ ආරක්ෂාව වෙනුවෙන් තව දුරටත් වාන් දොරටු ඔසවා තැබීමට සිදු වන බව පවසන කාර්මික නිලධාරිවරයා, ජලාශයේ පහළ කොටසේ පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙසද දන්වා සිටියි.