එකම කඹයේ එල්ලී කිලිනොච්චිය කැළඹූ පෙම්වතුන්

අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ හා තරුණියකගේ මළ සිරුරු අද (10) කිළිනොච්චිය කැලයක තිබී හමුවූ බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමට අනුව පරික්ෂා කිරීමේදී පරන්තන් ඕෂියර් හන්දියේ අසල කැලෑවේ ගසක එල්ලෙමින් තිබූ මළ සිරුරු දක්නට හැකි වූ බවයි. මිය ගොස් සිටියේ පසුගිය 4 වනදා සිට අතුරුදන් ව සිටි පෙරිය පරන්තන් පදිංචි 28 හැවිරිදි සුසිධරන් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තනුෂියා යන අය බව හඳුනාගැනීමට හැකිවූ බවද පොලීසිය පවසයි.

මියගිය තරුණයා විදුලිබල මණ්ඩලයට අනුබද්ධව යාපනයේ සේවය කරන අතර තරුණිය කිලිනොච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරමින් සිටි බව වාර්තා වේ. රත්නපුර පදිංචි තනුෂියා උපාධිධාරිනියක් ලෙස පත්වීම් ලබා දැනට සතියකට පමණ පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයට පැමිණ තිබේ.

ඔවුන්ගේ මළ සිරුරු එකම කඹයකින් එල්ලෙමින් තිබූ බවත් හමුවන අවස්ථාව වන විට විරූපී ව නරක් වී තිබූ බවත් ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් හටගත් ආරාවුලක් නිසා දෙදෙනා සිය දිවි හානිකර ගන්නට ඇති බවත් පොලිසිය පවසයි.

සිය දිවි නසා ගැනීම කිසිවකදී විසඳුමක් නොවේ – සංස්කාරක

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *