එකම පවුලේ පස්දෙනෙකුට කොවිඩ්, ගිනිගත්හේනේ අහඹු PCR

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන හිටිගේගම ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය  පරික්ෂකවරුන් පැවසිය.

ආසාදිතයන් අතර පිරිමි පුද්ගලයන් තිදෙනෙකු, එක් කාන්තාවක  සහ අවුරුදු  3 ක ගැහැණු ළමයෙකු ද සිටින බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ. කොවිඩ් 19 වයිරසය ආසාදනය වු කාන්තාවගේ වැඩිමහල් දියණිය කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සිදු කළ අහඹු පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් අනුව එම තරුණියට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විමෙන් අනතුරුව එම තරුණිය මාතර කඹුරුගමුව නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර ඇත.

එම ආසාදිත තරුණියගේ නිවසේ සිටි පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කර සිදු කළ පි.සි.ආර් පරික්ෂණය අනුව එම ආශ්‍රිතයන්ට කොවිඩ් 19 වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

වයිරසය අසාදනය වු පස් දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවද අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

ගිනිගත්හේන ප්‍රදේශයෙන් (25) දින සිට (26) දින අලුයම වන විට කොවිඩ් 19 වයිරසය ආසාදනය වු ආසාදිතයන් 7 දෙනෙකු හදුනාගෙන ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *