එක්සත් ග්‍රාම නිලධාරි සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක

පවුල් ඒකක සවිබලගැන්වීමේ ජාතික වැඩසටහනෙන් හා ජන හා නිවාස සංගණන වැඩසටහනින්ද ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි.  කොතෙක් ඉල්ලීම් කළද ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු විසඳීමට රජය මෙතෙක් ක්‍රියා නොකිරීමට විරෝධය දක්වමින් මෙම තීරණය ගත් බවද ඒ මහතා කීය.                                                                          මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් අද (08) කොඩිකාර මහතා මේ බව ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය,සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය,ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය,රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා එක්සත් ගම්පති ග්‍රාම නිලධාරි සංගමයද ඒකාබද්ධව මෙම තීරණයට එළඹි බවද ඒ මහතා පැවසුවේය.  රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වරසටහන යටතේ එක් ග්‍රාම  නිලධාරියෙකුට පවුල් ඒකක 50 ක ගෙවතු සකස් කිරීමේ වගකීම් පවරා දී ඇති බවත් ඊට අමතරව ජන හා නිවාස සංගණනයේදීද ග්‍රාම නිලධාරීන්ට වගකීම් රැසක් පවරා ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

කොවිඩ් -19 රෝග මර්දන කටයුතු සඳහා මෙන්ම ඒ හේතුවෙන් ජනතාවට අවශ්‍යය සහනාධාර සැපයීමේ  කටයුතුවලද ග්‍රාම නිලධාරීන් නිරතව සිටින බවත් රාජකාරි වේලාවෙන් බැහැරව පවා අමතරව කැපවීමකින් කටයුතු කළද එම රාජකාරිවල නිරතවන වෙනත් රාජ්‍ය සේවකයන් සඳහා ලබාදෙන පහසුකම් හා ආරක්ෂාව ග්‍රාම නිලධාරීන්ට ලබා නොදෙන බවත් කොඩිකාර මහතා කීය.

ග්‍රාම නිලධාරීන්ට සෞඛ්‍ය ඇතුළු වෙනත් කිසිදු  පහසුකම් මෙන්ම අමතර දීමනාවක් හෝ ලබා නොදීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව පවතින බවද හෙතෙම සභාපතිවරයා ප්‍රකාශ කළේය.  ජන හා නිවාස සංගණනයේ රාජකාරි කටයුතු විධිමත්ව ඉටු කිරීම සඳහා මෙන්ම ග්‍රාම නිලධාරීන් මුහුණ පා තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළද එම ඉල්ලීම් වලට මේ  දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් එක්වරක් සාකච්ඡාවක් ලබාදුන් නමුත් එයට රාජ්‍ය අමාත්‍යවරයා හෝ සහභාගි වී නොවූ බවත් කී කොඩිකාර මහතා  මෙයට විරෝධය දක්වා පවුල් ඒකක සවිබලගැන්වීමේ ජාතික වැඩසටහනෙන් හා ජන හා නිවාස සංගණන වැඩසටහනින්ද ඉවත් වීමට තීරණය කළ බවද හෙතෙම කීවේය. එම අවස්ථාවට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා ඇතුළු සංගම් නියෝජිත පිරිසක් සහභාගි වූහ.

සංස්කාරක

Related post

1 Comment

  • One of our guests recently encouraged the following website. Sherill Derick Newman

Leave a Reply

Your email address will not be published. Required fields are marked *