එපා කියද්දිත් ටියුෂන් කළ ගුරු සිසු පිරිස නිරෝධායනයට

කොවිඩ්-19 වෛරසය පැතිර යාම වැලැක්වීමට ගත් පියවර යටතේ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම්කර තිබියදී එය නොතකමින් තලවාකැලේ නගරයේ ඉතා රහගතව පන්තියක් පවත්වමින් සිට ගුරුවරුන් දෙදෙනෙකු හා සිසුන් 14 දෙනෙකු ඔවුන් පදිංචි නිවෙස්වලදීම දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (20) පියවර ගෙන තිබේ. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙම පන්ති පවත්වා තිබෙන ගුරුවරුන් දෙදෙනා දිඹුල් පතන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පරීක්ෂණ මගින් හෙළිවී ඇත. මොවුන් තලවකැලේ නගරයේ උසස්පෙළ විෂයට අදාළ සහ තාක්ෂණ විෂය සම්බන්ධයෙන් බාහිර පන්ති පැවැත්වීමට නගර සභාවෙන් අනුමැතිය ලබාගෙන තිබෙන නමුත් කොවිඩ්- 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව එම පන්ති පැවැත්වීම තහනම් කර තිබියදී මොවුන් එය නොතකා ළමුන් රැස්කර පන්ති පවත්වා තිබෙන බවත් තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසීය. සෞඛ්‍ය අංශ මගින් ප්‍රකාශයට පත්කරජ තිබෙන කිසිදු උපදේශයක් සැලකිල්ලට නොගනිමින් මෙම පන්තිය පවත්වා තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. අදාල පන්තිය පැවැත්වූ ස්ථානයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුද්‍රා තබා ඇත

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *