කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාව විෂ බීජ හරණය ලක් කරයි

ගලගෙදර පොලිස් වසමේ දෙහිඅංග ප්‍රදේශයෙන් හමුවූ කොවිඩ් -19 ආසාදිතයා පහවසර ශිෂ්‍යත්ව විභාගය පැවති දිනයේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ආසන්නයට පැමිණ තිබෙන බවට තොරතුරු හෙළි වීමත් සමඟ එම බාලිකා විදුහල සම්පූර්ණයෙන් විෂබීජ හරණය කිරීමටසෞඛ්‍ය අංශ ඊයේ (14)  පියවර ගෙන තිබේ.

ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි තම දියණිය පාසලට ඇරලවා කුඩා රත්වත්තේ මාවතේ පිහිටි අවන්හලකට ගොස් තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ මෙම පුද්ගලයා මත්පැන් පානය කර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

ගලගෙදර පොලිස් වසමේ දෙහිඅංග ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම කොවිඩ් ආසාදිතයා කටුපොත ප්‍රදේශය ටයර් කර්මාන්තශාලාවක සේවකයෙකු බව පොලිසිය පවසයි.

ඔහුගේ නිවස ආසන්නයේ ආශ්‍රිතයන් 58 දෙනෙකු මේ වන විටත් නිරෝධායනයට යොමු කොට ඇත.ඔහුගේ දියණියගේ පි.සි.ආර්. පරීක්ෂණ වාර්තාවෙන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවහොත් කටුගස්තොට ප්‍රදේශයේ ඔවුන් ගැවසුන ස්ථානවල සිටි විශාල පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට සිදුවන බව ආරක්ෂක අංශ කියයි.ෙ

අදාළ පාසලේ පැවැත්වෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්නේ දැයි මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා ගෙන් කල විමසීමකදී ඒ මහතා පවසා පැවසුවේ එවැනි තීරණයක් ගැනීමට මෙතෙක් අවශ්‍යතාවයක් පැන නැගී නොමැති බවයි.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *