කටුපොල් තහනම් කරන්නැයි ඇල්පිටියේ උද්ඝෝසන
ඇල්පිටිය තල්ගස්වල නගර මධ්‍යයේ අද (29) පැවති උද්ඝෝසනයකදී ජනතාව ඉල්ලා සිටියේ වහාම කටු පොල් වගාව තහනම් කරන ලෙසයි. පසුගියදා ගාලු දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙන අතරතුර ජනයා අමතමින් වහා කටුපොල් වගාව තහනම් කරන බව ජනාධිපතිවරයා පැවසූ බව ඔවුහු ප්‍රකාශ කළහ. එසේම එතුමා නොයෙක් වර පරිසර විනාශයට තුඩු දෙන මෙම වගාව තහනම් කරන බව පැවසූ වගද ජනයා පෙන්වා දුන්හ.
කෙසේනමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ගැන තැකීමක් නොකර තවමත් සිය ප්‍රදේශවල කටුපොල් වගාව ව්‍යාප්ත වෙමින් පවතින බව පැවසූ ඔවුන් පෙන්වා දෙන්නේ, රජය මැදිහත්ව වහා තහනම් නියෝග පැනවිය යුතු බවයි. අද මෙම උද්ඝෝ්සන වැඩසටහන සංවිධානය කර තිබුණේ සොබා පරිසර සංසදයයි.