කඩහිමියා බියගන්වා කප්පම් ගත් සෙබළු තිදෙනා අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සඟවා ඇතැයි තොරතුරු තිබෙන බැවින් වෙළඳසැල පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඊට ඇතුළු වී එහි හිමිකරු බිය ගන්වා රුපියල් 10000ක මුදලක් පැහැරගත් යුධ හමුදා සෙබළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව දියතලාව පොලීසිය පවසයි. දියතලාව නගරයේ වෙළඳසැලකින් මෙසේ මුදල් ලබාගත් තිදෙනා දියතලාව යුධ හමුදා කඳවුරේ සේවයේ නියුතු හපුතලේ, බිබිල සහ දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
පොලීසිය පවසන්නේ සිය වෙළඳසැල වෙත පැමිණි සෙබළුන් තිදෙනා මත්ද්‍රව්‍ය තිබෙන බවට තොරතුරු ඇති බැවින් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත් තමන් පොලීසියට අල්ලා දෙන බවත් පවසා එසේ නොකිරීමට නම් රුපියල් 10000ක් දෙන බවත් පවසා මුදල් ලබාගත්තැයි කඩහිමියා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සෙබළු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවනු ලබන බව පොලීසියි පවසයි.