කතිර තරඟයට බූරුවෝ දාලා ජනතාවට දුවන අශ්වයො තෝරන්න කියනවා – මේජර් ජනරාල් නිශ්ශංක රණවන

තිස් වසරක ත්‍රස්තවාදය යුධමය වශයෙක් පරාජය කළත් සියලු ජාතීන්ගේ සහය ලබාගනිමින් රට දියුණුව කරා මෙහෙයවීමට දේශපාලනඥයින්ට නොහැකිවූ බව සමඟි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ශ්‍රී ලංකා යුද හමුදාවේ  55 වැනි සේනාංකයේ හිටපු නියෝජ්‍ය සේනාංකාධිපති විශ්‍රාමික මේජර් ජනරාල් නිශ්ශංක රණවන මහතා පවසයි.
ත්‍රස්තවාදය රටින් මුලිනුපුටා දමා වසර එකොළහක් ගතව ඇතත් ශ්‍රී ලංකාව තවමත් ආර්ථික ස්ථාවරත්වයකට පත්ව නොමැති බවත් යුද ජයග්‍රහණය සඳහා හමුදා සාමාජිකයින් අවංකව කැපවූ සේ දේශපාලනඥයින් රටේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමට අවංකව කැපවිය යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.
තවමත් මෙරට තුළ රජකරන්නේ බලලෝභී දේශපාලනය බවත් ලෝකයේම ජනතාව කොරෝනා බියෙන් පසුවත්දී අපේ පාලකයින් ඉන් මිදීමටත් වඩා ඡන්ද පැවැත්වීමට ප්‍රමුඛතාව ලබාදෙමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

විශ්‍රාමික මේජර් ජනරාල් නිශ්ශංක රණවන

ජනපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ගතව තිබෙන බැවින් පැවැති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවට පිරිසක් ප්‍රකාශ කරන බවත් ඊට එරෙහිව හඬ නඟන තවත් පිරිසක් පාර්ලිමේන්තුව නොකැඳවිය යුුතු බව ප්‍රකාශ කරන බවත් කී රණවන මහතා මේ අවස්ථාවේ ජනපතිරයා කළ යුත්තේ දෙපිරිසටම කන්දී වඩා නිවැරදි කවුද යන්න තෝරා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම බවද ප්‍රකාශ කළේය.

පැරණි පාර්ලිමේන්තුව මගින් රටට යහපතක් නොවූ බවට තර්කයක් මතුකරන ආණ්ඩු පක්ෂය ඒ නිසා එය කැඳවීමේ අවශ්‍යතාවක් නැතැයි පැවසුවත් දැනට නාම යෝජනා හිමිව තිබෙන 90% කටත් වැඩි පිරිසක් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ අය බැවින් ඉදිරියේදී පත්වන පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයද අනිවාර්යයෙන්ම  පසුගිය පාර්ලිමේන්තුවේ සිටි අයවළුන් වීම වැලැක්විය නොහැකි යැයිද හිටපු මේජර් ජනරාල්වරයා කීය.

සෑම පක්ෂයක්ම නාම යෝජනා ලබාදීමේදී පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ අයට නාම යෝජනා ලබාදී තිබෙන බවත් බූරු රැළක් තරඟයට දමා ජනතාවට අශ්වයෝ තෝරන්නට යැයි කීවාට එය කිසිසේත් කළ නොහැකි යැයිද හෙතෙම අවධාරණය කළේය.
අද එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී ඇති බවට ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කළත් එහි ඇත්තේ අර්ධ සත්‍යයක් පමණක් බවත් එජාපයේ සුළු පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතිරිවත්දී අති බහුතරය සජිත් ප්‍රේමදාස මහතා වටා රොක්වී සිටින බවත් කී ඒ මහතා එය දෙකඩ වීමක් නොවන බවද පැවසුවේය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *