කැලෑ කපන රටේ, ගෙයින් පැන්නු අම්මා ගහ උඩ

තමන් පදිංචි වි සිටින  නිවස පිහිටි  ඉඩම සමිබන්ධයෙන්  ඇති  ව තිබෙන  ගැටලුවකට   ස්ථිර විසඳුමක්   ලබා   දීම  සඳහා  මෙතෙක්  බලධාරින්  කටයුතු  නොකළා  යැයි  පවසා බළන්ගොඩ ප්‍රදේශයේ  කාන්තාවක  බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඇති අඩි 100 ක් පමණ උස සල් ගසකට නැග  අද   උදෑසන (27දා ) උපවාසයක නිරත වූවාය.

බළන්ගොඩ   දියවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු  36 ක  දෙදරු මවක  මෙලෙස  එම  ගසට නැග උපවාසයේ  නිරත  වුවාය. දියවින්න  දොරවෙලලන්ද  රක්ෂිතයේ  ඇය  නිවස  ඉදිකර   දැනට  වසර  කිහිපයක  සිට  පදිංචිව  සිටියි.   රක්ෂිතයේ  නිවස  ඉදිකිරීම සමිබන්ධයෙන්  ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා  ලබා දි ඇති වාරණයක්  මත බලන්ගොඩ ප්‍රදේශයේ ලේකම්  කාර්යාලය  මගිින්  එම  නිවස  ඉදිකිරීම සමිබන්ධයෙන් මීට වසර  තුනකට  පෙර  නඩු  පවරා  ඇත. එම  නඩුව බලන්ගොඩ අධිකරණයේ විභාග කෙරුණු අතර   මිිට වසරකට පෙර   එම  නිවස   කඩා  ඉවත්  කරන  ලෙස තින්දුව ලැබි ඇත.

පසුව  මෙම කාන්තාව  විසින්  රත්නපුර පලාත්බද  අභියාචනාධිකරණයේ   නැවත  නඩු  පවරා තිබෙන අතර  එහිදී   බළන්ගොඩ  දිසා අධිකරණයේ දි  ලබා දුන්  තීන්දුවම සහතික  කර ඇත. එම රක්ෂිතයේ  නිවාස හතරක්   ඇති නමුත්  තමන්ගේ  නිවස   කඩා දැමීම සඳහා  ගෙන  ඇති තිරණය  අසාධාරණ   බව පවසා ඇය මෙලෙස ගසට නැග උපවාසයක  නිරත  වුවාය.
ඇය අද පෙරවරු  8.30 ට  පමණ   එම  ගසට  නැග  උපවාසය  ආරම්භ  කල අතර    සවස්වරුව  වන  විටත් පැය 07ක් පමණ  මෙලෙස විරෝධතාවයේ  නිරත  විය.  ඇති ව තිබෙන ගැටලුව  සමිබන්ධයෙන්  බලන්ගොඩ  ප්‍රාදේශිය  ලේකම් හේමන්ත බණ්ඩාර මහතාගෙන්  විමසීමට උත්සාහ  කළ අතර   ඒ මහතා වෙනත්  රාජකාරියක්  සදහා  කල්තොට ප්‍රදේශයට  යැම  සදහා  කාර්යාලයෙන් බැහැරව ගොස් තිබුණ නිසා  පිළිතුරක් ලබා ගැනිමට නොහැකි විය.

සම්පත් ප්‍රියනන්දන සහ රෝහණ වසන්ත

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *