කිරි කපා ජීවත් වූ යුවල අලි පහරින් මරුට.
බුත්තල පොලිස් වසමට අයත් ඔක්කම්පිටිය
දඹේයාය ප්රදේශයේ දී අද (17) වල් අලි ප්රහාරයකට ගොදුරු වූ අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට පත් වූහ. ප්රදේශයේ රබර් වතුවල කිරි කපා ජීවත් වන මෙම යුවල අද උදෑසනත් රබර් වගාවක කිරි කපමින් සිටි අවස්ථාවේදී මෙම අලි ප්රහාරයට ගොදුරු වී ඇත. අලියාගේ පහර දීම නිසා මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ මොණරාගල ඔක්කම්පිටිය ප්රදේශයේ පදිංචි මාරිඅම්මා නැමැති පනස් හත් හැවිරිදි කාන්තාවක් සහ ආර්. රාමක්රිෂ්නන් නමැති හැත්තෑ හැවිරිදි පුද්ගලයකු බව බුත්තල පොලීසිය පවසයි.
අලි ප්රහාරයෙන් කාන්තාව එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වූ අතර ඇගේ ස්වාමි පුරුෂයා ඔක්කම්පිටිය ප්රාදේශීය රෝහලට ඇතුළු කිරීමට රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත් වී තිබේ. සිදුවීම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.