කිලිනොච්චියේ ඇඟලුම් කම්හලකත් කොවිඩ් පැතිරෙයි
කිලිනොච්චියේ අරියවිල් නගර් හී ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 21 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ සමග ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ කම්හල තුළ රෝගය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බැවින් ප්‍රවේශම් වන ලෙසයි.
සේවක සේවිකාවන් 1100ක් පමණ මේ වනවිට කම්හලෙහි සේවය තරන අතර ඔවුන් කිලිනොච්චි, මුලතිව්, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කවල පදිංචිකරුවෝ වෙති. එම නිසා රෝගය අනෙකුත් දිස්ත්‍රික්කවලටද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර නිවාරණ හා පාලන ක්‍රම අනුගමනය කරන මෙන් කර්මාන්ත ශාලාවට දැනුම් දී තිබුණද ඒ ඉල්ලීම් නොසළකා හැර ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.