කුරුළුගෙන් “දිවිදොස්ගල උරුමක්කාරයෝ

මාධ්‍යවේදී අසේල කුරුළුවංශ විසින් රචිත දිවිදොස්ගල උරුමක්කාරයෝ ග්‍රන්ථය එළිදැක්වීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (ඔක්‍තොම්බර් 17) පස්වරු 2.30 ට සිදු කෙරෙයි.

උඩරට පාරම්පරික නර්තන කලාව මේ දක්වා රැක ගැනීමට අමිල සේවයක් කළ කලාකරුවන් 24 දෙනෙකු පිළිබඳ තොරතුරු මෙම ග්‍රන්ථයේ ඇතුළත්ය.

නිත්තවෙල ගුණයා,අමුණුගම සුරඹා,තිත්තපජ්ජල සුරඹා,ශ්‍රී ජයනා,හීන්බබා ධර්මසිරි,ඥානදාස රාජපක්ෂ,හපුගොඩ ධර්මසිරි,පීටර් සූරසේන,වෛද්‍යවතී රාජපක්ෂ,මාමුඩාවෙල ඩයස්,ලැහැඹේ සිරිපාල,තිත්තපජ්ජල සුමනවීර,මන්තොස බණ්ඩාර තෙන්නකෝන්,ආරියදාස ඉහළවෙල,උපනන්ද තල්ගහගොඩ,රත්තොට සිරිසේන,ඉලන්කාලි ගෙදර සිරිසෝම,අජිත් ප්‍රේමදාස,තිත්තපජ්ජල ප්‍ර්මචන්ද්‍ර,තිලකරත්න ජෝතිරත්න,ඕතැන්නේ කරුණාදාස,මොළගොඩ ජේමිස්,පීල්දෙණියේ ගෙදර විමලසිරි යන පාරම්පරික උඩරට නර්තන හා වාදන ශිල්පීන්ගේ තොරතුරු හා ඡායාරූප මෙහි අන්තර්ගතය.

ග්‍රන්ථය පිළිබඳ විශේෂ දේශනයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය එච්.එම්.බී.ආර් හේරත් මහතා විසින් පවත්වනු ලබයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *