කූරගල කඨින පිංකම නිමයි

කල්තොට- බුදුගල සෝමරතන හිමි

බළන්ගොඩ ඓතිහාසික කූරගල ශ්‍රි පාද දිවාගුහා රජමහ විහාරස්ථ පුරාවිද්‍යා භූමියේ පිහිටි වටද්දර ලෙනෙහි මෑත ඉතිහාසයෙහි දෙවන වරට පැවැත්වුණ කඨින චිවර පිංකම මෙවර සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් වලට අනුකූලව පසුගිය 04 දින පැවැත්විණි.

ඒ නිමිත්තෙන් කොවිඩ් 19 වසංගතය දුරු වි රජයටත් ලක්වාසි සැමටත් ආශිර්වාද පිණිස රතන සුත්‍ර දේශනාව පසුගිය 01 වන දා  සිට 04 වන දින අළුයම දක්වා අඛණ්ඩව දින තුනක් ඉපැරණි ස්තූපය අසල ලෙන අබියසදි සිදු කෙරුණු අතර 03 වන දින සවස 6.00ට ආශිර්වාද සම්බුද්ධ පුජාවක්ද  පැවැත්විණි.එම පිරිත් දේශනය 03 දින රාත්‍රි 9.00 සිට පසුදින අළුයම වන තෙක් ඌව ගුවන් විදුලියේ සජීවිව විකාශනය කිරිමද කූරගල ඉතිහාසයේ පළමු වරට සිදු විය.එහි  සංඝික දානමය පිංකම ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත වටද්දර ඤාණිස්සර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි පාද දිවාගුහා රජමහ විහාරස්ථානයේදි සිදු කෙරිණි.මෙහිදි උඩරට අමරපුර මහා නිකායේ සබරගමු පළාතේ සම්මාන සංඝනායක බුදුගල රජමහ විහාරාධිපති පුජ්‍ය මද්දේගම චන්දාලංකාර නාහිමියන් විශේෂ අනුශාසනාවක් පවත්වන ලදී.

මේ අවස්ථාවට කූරගල ශ්‍රි පාද දිවාගුහා රජමහ විහාරස්ථ භාරකාර විශ්‍රාමලත් ගුරු උපදේශක පුජ්‍ය ශාස්ත්‍රපති ගැටෑරළුවේ සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේ ඇතූළු ප්‍රදේශයේ මහා සංඝරත්නය වැඩම කොට සිටි අතර රත්නපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති අකිල සාලිය එල්ලාවල මැතිතුමා, බළන්ගොඩ ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති එම්.එම්.සුනිල් ප්‍රේමසිරි මැතිතුමා, බළන්ගොඩ ප්‍රාදේශිය ලේකම් එච්.එම්.එච්.බණ්ඩාර මහතා, කල්තොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඩබ්.ටි.එස් හපුගස්වත්ත මහතා, කූරගල සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ අණදෙන නිලධාරිතුමා,ඇතුළු ප්‍රදේශවාසි දායක පිංවතුන් පිරිසක් සහභාගි වුහ. විහාරාධිපති රාජකීය පණ්ඩිත දෙල්තොට ධම්මජෝති හිමියන්ගේ  අනුශාසනා පරිදි බළන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කූරගල සිවිල් ආරක්ෂක බලකා කඳවුර, කූරගල පොලිස් මුරපොල ඇතුළු රාජ්‍ය ආයතනයන්හි සහයෝගයෙන් දායක සභාව  විසින් පිංකම සංවිධානය කොට තිබුණි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *