කූරගල සෑය ඉදිකිරීම් අඛණ්ඩව

කල්තොට-බුදුගල සෝමරතන හිමි

බළන්ගොඩ ඓතිහාසික කූරගල රජමහ විහාරස්ථානයේ අභිනවයෙන් ගල් පර්වත මත ඉදිවෙන අඩි සියයක් උස අසදිස ශාඛ්‍ය සුගත මහා සෑයේ ගර්භයේ ගඩොලින් බැඳීමේ පුණ්‍ය මංගල්‍යය පසුගියදා (06) දින අළුයම 6.35ට යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදු කෙරිණි.

පසුගිය ඇසළ පුර පසළොස්වක පොහෝ දින මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කළ එම සෑයේ ඉදිකිරිම් කටයුතු සඳහා අමුද්‍රව්‍ය සම්පාදනය කිරිමේ කටයුතු පසුගිය කාලය පුරා සිදු කෙරුණි.ඒ සඳහා ලංකාවේ සිව් දිගින් වැඩිය මහා සංඝරත්නය ඇතුළු සැදැහැවතුන් දහස් ගණනින් පැමිණ ශ්‍රමදාන කටයුතු අඛණ්ඩය සිදු කළ බව භාරකාර පුජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියෝ එහිදි ප්‍රකාශ කළහ.
කොරෝනා වසංගත තත්වය හමුවේ වුවත් කුරගල එම සෑයේ ඉදිකිරිම් කටයුතු නොනවත්වා පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිතව අඛණ්ඩව සිදු කරගෙන යන බවත් උන් වහන්සේ වැඩි දුරටත් පැවසුහ.මේ අවස්ථාවට අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක මැද්දෙකන්දේ ධම්මරංසි නාහිමි,විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගැටෑරළුවේ සංඝරත්ඛිත නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය,බළන්ගොඩ හා ඉඹුල්පෙ ප්‍රාදේශිය සභාවන්හි ගරු සභාපතිවරුන් වන සුනිල් ප්‍රේමසිරි සහ ශ්‍රිලාල් සෙනරත් යන මහත්වරු බළන්ගොඩ ප්‍රාදේශිය ලෙක්ම් එච්.එම්.එච්.බණ්ඩාර මහතා,කල්තොට ප්‍රාදේශිය ලේකම් ජි.ජි.එන් විරසුරිය මහත්මිය,සෑයේ ඉදිකිරිම් ස`දහා විශේෂ මුල්‍ය දායකත්වයක් ලබා දෙන වෛද්‍ය හෙලරුවන් පසන් කුමාර මහතා,නාවල කූෂන් අධිපති ආර්,ඒ.ප්‍රේමරත්න මහතා,කල්තාට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තරංග හපුගස්වත්ත මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.මේ ස`දහා ශ්‍රි ලංකා යුධ හමුදාවේ සෙබළුන්,සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන්,නිරතුරු සිය ශ්‍රම දායකත්වය සපයනු ලැබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *