කොටි නඩුවට ඕමල්පේ හිමි මැදිහත් වෙයි

ලක්ෂපාන වාලමලෙයි වතු යායේදි මන්දකට හසු වි මිය ගිය කළු කොටියා වෙනුවෙන් අගතියට පත් පාර්ශවයක් වශයෙන් පෙනි සිටිමට  ශ්‍රි බෝධි රාජ  පදනමේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සහ තවත් පාර්ශවයක් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ (29) දින  ඉදිරිපත් වෙමින් අවසර ඉල්ලා සිටියහ.

2020.05.26 දින ලක්ෂපාන වාලමලෙයි වතු යායේ එළවලු වගා භුමියක වතු කම්කරුවෙකු විසින් අටවා තිබු මන්දකට හසු වි පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රි ලංකාවට පමණක් ආවේනික වු දුර්ලභ ගණයේ කදුකර කළු කොටියෙකු මිය යාම සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලය මගින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබු බි වාර්තාවක්  (29) දින කැදවු අවස්ථාවේ ශ්‍රි බෝධි රාජ පදනම සහ පාරිසරික සහ සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොට්ස්කි මහතා ඉදිරියේ කරුණු ඉදිරිපත් කරනු ලැබුහ.

ශ්‍රි බෝධිරාජ පදනම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නිතිඥ අනුර මැද්දේගොඩ මහතා කියා සිටියේ මෙම නඩුවේ අගතියට පත් පාර්ශවයක් වෙනුවෙන් නඩුවට පෙනි සිටීමට අවසර ලබා දෙන ලෙසයි.

පාරිසරික සහ සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පෙනි සිටි නිතිඥ සුජිව ජාසිංහ මහතා ඉල්ලා සිටියේ මෙම නඩුවට අදාල දිවියා සම්බන්ධයෙන් 1982 අංක 12 දරන පොදු දේපලට අදාල වැරදි පිළිබඳ පනතේ සහ එහි සංශෝධනවල ප්‍රතිපාදන උල්ලංඝනය කිරිම සම්බන්ධවද විමර්ශන සිදු කර චෝදනා ගොනු කළ යුතු බවත්, දිවියාගේ වටිනාකම ගැන තක්සේරු වාර්තාවක් කැඳවිම සහ එයට අදාල විමර්ශනයක් සිදු කරන ලෙසට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලු හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රෝස්කි මහතා විවෘත අධිකරණය හමුවේ විමසා සිටියේ දෙපාර්ශවයම  කඳුකර කොටියා ආරක්ෂා කර ගැනිමට හෝ මදු අටවන අය දැනුවත් කිරිමට හෝ වන සතුන් ආරක්ෂා කර ගැනිමට යම් ව්‍යාපෘතියක් මිට ප්‍රථම මෙම අධිකරණ බල ප්‍රදේශයේ  ක්‍රියාත්මක කර ඇත්ද යන වගයි.

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනි සිටිමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි නිතීඥයින් මහෙස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේ මේ සදහා ව්‍යාපෘතියක් සකස් කර ඇති බවත්, එය ඉදිරියට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවත්ය.

දෙපාර්ශවයේම කරුණු විමසා බැලු මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුවට සම්බන්ධ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනි සිටිමට නියෝගයක් ලබා දිම ලබන 2020 ඔක්තෝම්බර් 28 දිනට කල් තැබු අතර, ඊට ප්‍රථම මේ සම්බන්ධයෙන් කරුණු තිබේ නම් ලිඛිතව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද දැනුම් දුන්නේය.

අගතියට පත් පාර්ශවයක් වශයෙන් පෙනි සිටිම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක් වු ශ්‍රි බෝධිරාජ පදනමේ සභාපති ආචාර්යඅ ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ,

“අපි හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ ඉතාමත් වැදගත් ජාතික මෙහෙවරක් ඉටු කරන්න. එය තමයි අපේ රටට ආවේණික වු වනජිවින් ආරක්ෂා කර ගැනීම, මැතකදි අපේ රටට ආවේනික වු කළු කොටින් දෙදෙනෙක් මරණයට පත් වුණා. දිවියන් සහ කොටියන් හත් අට දෙනෙක් විනාශ වුණා. 2019 වසරේ වන අලින් 400 කට ආසන්න ප්‍රමාණයක් විනාශයට පත් වෙලා තියෙනවා, වන සම්පත අප රට සතු වටිනාම දෙයක්. ලෝකයේ සංචාරකයින් ලංකාවට එන්නේ වන ජිවි සම්පත බලන්න, අපේ සංස්කෘතිය දකින්න, අපේ රටේ ඉතිසාහය දකින්න. වනජිවින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කිරීමට වනජිවි දෙපාර්තමේන්තුව බැඳී සිටිනවා. නමුත් වනජිවි දෙපාර්තමේන්තුව වනජිවින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගන්නේ නැ. නීතිය හරියට ක්‍රියාත්මක වෙලා නෑ. වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විමේ මන්දගාමී ස්වභාවයක් අපිට දක්නට ලැබෙනවා.

වනජිවි දෙපාර්තමේන්තුව මේ රටේ විශාල ධනස්කන්ධයක් තියෙන රාජ්‍යය අංශයක්, රු කෝටි 500කට ආසන්න මුදල් සංචිතයක් මේ රාජ්‍ය ආයතනය සතුව තියෙනවා. නමුත් එන්න එන්න වන ජිවින් විනාශයට පත් වෙමින් තියෙනවා. ජාතික සම්පත් පිලිබදව ගත යුතු ක්‍රියාමාර්ගවලට අදාල නීති ප්‍රතිපාදන තිබියදි ඒවා අනුගමනය නොකිරිම නිසා වරදකරුවන්ට එරෙහිව හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැ. සත්‍යය සහ සොබාදහම පිළිබඳ යුක්තිය ඉටු කිරිමේ සංවිධානයක් හැටියට අපි කටයුතු කරනවා. වන සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි කියන වග අවධාරණය කොට අපි නීතියේ පිලිසරණ පතනවා.” යනුවෙනි.  

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *