කොරෝනා කාලේ; වැඩිපුරම මඟ හැරෙන දේ ලොවට පෙන්වන ලොව වටා ළමා සිතුවම්

රොයිටර්ස් ඇසුරිනි.

අගුලු දමා ඇති නිවෙස්වලට කොටු වී සිටින ළමයින් කොවිඩ් වසංගත සමයේ තමන්ට තමන්ට වැඩිපුරම මග හැරුණු   දේ සිතුවමට නඟන්නට පෙලැඹී සිටිනවා. ඔවුන් ලොව කොතැනක සිටියත් මේ සිතුවම් සඳහා පාදක වී ඇති තේමා බොහෝ විට සමාන බව පෙනී යනවා.  පාසලේ මිතුරන්, ආච්චිලා සීයලා, පාපන්දු සහ හරිත පැහැ විවෘත අවකාශ මේ තේමා අතර දැකිය හැකියි.

ටෝකියෝ සිට බුවනෝස් අයර්ස් දක්වාත්, නිව්යෝර්ක් සිට කත්මණ්ඩු දක්වාත්, මේ දරුවන් ඔවුන්ගේ බැල්කනිවලට හෝ ඉදිරිපස තණ බිස්සේ රොයිටර් ඡායාරූප ශිල්පීන් වෙත තමන් ඇඳි  චිත්‍ර ප්‍රදර්ශනය කිරීමට සහ ඒ්වායේ අරුත් පැහැදිලි කිරීමටත්  කටයුතු කළා.

ටෝකියෝහි අට හැවිරිදි රේකු මට්සුයි තම සිතුවම නිම කර ඇත්තේ ඔහු සිය ආච්චි හා සීයා  අතරට මැදිව සිටින ලෙසයි. ඔවුන් තිදෙනාම එකට සිනාසෙමින් එහි සිටිනු දිස්වෙනවා.

ඔහුගේ වැඩිමහල් සොහොයුරිය වන යයා (12) ඇය  සහ ඇගේ මිතුරෙකු පිළිබිඹු වන පින්තූරයක් ඇඳ තිබෙනවා. “මට දැන් වැඩිපුරම ඕනෑ වන්නේ මගේ මිතුරන් සමඟ කාලය ගත කිරීම ‘ යැයි ඇය කියනවා.

බොන් අසල ජර්මානු නගරයක් වන බැඩ් හොනෙෆ්හි 6 හැවිරිදි ටොම් කියන්නේ තමන් ආච්චි සහ සීයාගේ නිවසේ පින්තූරයක් ඇඳ ඇති බවයි.
‘මොකද මට ඒ අය  ගොඩක් මතක් වෙනවා. ” යි ටොම් කියනවා.

ආච්චිලා සීයලාට ආදරය  කරනවාට අමතරව, දරුවන්  ඔවුන්ට මේ දිනවල  අතපසු වී ඇති  ක්‍රීඩා ද තම සිතුවම්වලික් නිරූපණය කර තිබෙනවා.

හංගේරියානු අගනුවර වන බුඩාපේස්ට් හි වෙසෙන 8 හැවිරිදි අයිවන් පෝස්ටා සහ ඇගේ 11 හැවිරිදි සොයුරු  වින්ස් ඒක්ව ඇඳ ඇත්තේ විශාල පාපන්දු බෝලයි. 
“අපි  පාපන්දු බෝලයක් ඇඳ  ගත්තා. මොකද අපිට දැන් එළියේ පාපන්දු සෙල්ලම් කරන්න බැහැ. මිදුලෙත් හැම තැනම ගස් හා පඳුරු තියෙනවා,” වින්ස් කියයි.

නයිජීරියාවේ අග නගරය වන ලාගෝස් හි සිට සැතපුම් දහස් ගණනක් දුරින් වෙසෙන,11 හැවිරිදි ඔලතුංජි අඩෙබයෝ ද ඇඳ ඇත්තේ විශාල පාපන්දු බෝලයක්.

“අගුලු දැමීමට පෙර මගේ මිතුරන් සමඟ පාපන්දු ක්‍රීඩා කිරීම මට මග හැරුණා. අගුලු දැමීම ගැන මට දුකයි'” ඔහු කියයි.

මල්, වනාන්තර  සහ හරිත අවකාශයන් ද මේ සිතුවම් අතර කැපී පෙනෙනවා. 

නිව් යෝර්ක්හි බෘක්ලින්හි වෙසෙන ජේන් හස්බ්‍රෝක් කියන්නේ ඇය පළාතේ තිබෙන උද්‍යානයේ සිතුවමක් ඇඳීමට තෝරා ගත් බවයි. එය මටත් මගේ මිතුරන්ටත් පාසලෙන් හා නිවසින් බැහැරව විනෝද වීමට පුළුවන්  ස්ථානයක් නිසා මං ඒ් දර්ශනය මගේ සිතුවමට ඒක් කර ගත්තා’ යි ඇය කියනවා.

“මා නිව් යෝර්ක් නගරයේ ජීවත් වන නිසා මෙම අගුලු දැමීම නිසා මා  කොටු වී ඇති බවක් දැනෙනවා. අවට විශාල පිරිසක් සිටින විට සමාජ දුරස්ථකරණයත් අනුගමනය දුෂ්කරයි.” යනුවෙන් 13 හැවිරිදි ඇය  තවදුරටත් කියනවා.

සන්දිති ඉලෙපෙරුම වයස අවුරුදු 14 ක් වන අතර ඇය ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹයි.

ඇගේ පින්තූරයේ, පහළ දකුණු කෙළවරේ දණහිස මත  නිකට හොවාගෙන මුහුණු ආවරණයක් පැළඳ තනිවම වාඩි වී සිටින ගැහැනු ළමයෙක් දිස් වෙනවා.  එහි ඉහළ කාන්තා රූප සමූහයක් එක්ව  නටමින් විනෝද වෙමින් සිටිනවා.

“සීමා පනවන්නට පෙර  මං විනෝදජනක හා නිර්මාණාත්මක දේවල් ඇඳීමට පුරුදුව සිටියා. අගුළු දැමීමෙන් පසු … මං වැඩිපුරම මට මඟ හැරුණු දේවල් ඇඳීමට පටන් ගත්තා … ඒ් මං මගේ හැඟීම් අඳින විදියයි. මට තනිකමක් දැනෙනවා. මා පවුලේ එකම දරුවා, ”යි ඇය කියනවා.

සමහර දරුවන් සිය නිර්මාණ සඳහා කොරෝනා වයිරසය ද  වස්තු විෂය  කර ගෙන තිබෙනවා.

තායිලන්තයේ සමුත් ප්‍රකාන් පළාතේ වෙසෙන 10 හැවිරිදි නිපූන් කිට්ක්‍රයිලාර්ඩ් ලෝකය ආක්‍රමණය කිරීමට පැමිණෙන යක්ෂයෙකු ලෙස වෛරසය ඇඳ තිබෙනවා.  වෛද්‍ය සේවකයින්, විශ බීජ නාශක  සහ මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත උපකරණ හා මෙවලම් වෛරසය වළක්වාලන බව එහි දිස්වෙනවා.

ළමා සිතුවම් සහිත පූර්ණ ඡායාරූප ගැලරිය නැරඹීමට රොයිටර්ස් හී සහය ලබන්න.