කොරෝනා වෛරසය, වැක්සීනයකින් ජයගත හැකිද?

කොරෝනා වසංගතයක් ලෙස ලොව පුරා පැතිර යද්දී නිරෝධායනය කාර්යයන් අතර වැක්සීනයක් නිපදවීම කෙරෙහිද අවධානය යොමු වී තිබෙනවා.

කොරෝනා වෛරයට එරෙහි සටනට යොදාගත හැකි වැක්සීනයක් ගැන නැගෙන පොදු ගැටලු කිහිපයකට පිළිතුරු මේ.

කොරෝනා හැඩය නිසා ලද නමකි

වැක්සීනයක් ක්‍රියා කරන්නේ කෙසේද?

වැක්සීන ගුරුවරුන්ට සමානයි. වැක්සීනවල සිසුන් වන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ඒවා සිය සිසුන්ට උගන්වන්නේ ආසාදනවලට එරෙහිව සටන් කරන්නේ කොහොමද කියලා. වැක්සීන අවධානම් විරහිත ලෙස වෛරස හෝ බැක්ටීරියා (ඇතැම් විට ඒවායේ කුඩා අංශු) ප්‍රතිශක්තිකරණ පද්ධතියට හඳුන්වා දෙනවා. සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒවා ආක්‍රමණිකයෙකු ලෙස හඳුනා ගනිමින් ඊට එරෙහිව සටන් කරන්නට ඉගෙන ගන්නවා.

ඉන්පසුව සිරුර හැබෑ ආසාදනයකට නිරාවරණය වූ විට එයට එරෙහිව සටන් කළ යුත්තේ කෙසේදැයි දැන ගන්නවා.

විවිධ වැක්සීන වර්ග තිබෙනවාද?

දශක කිහිපයක් තිස්සේ වැක්සීනකරණයේ ප්‍රධාන ක්‍රමවේදය වූයේ හැබෑ වෛරස භාවිතා කිරීමයි. කම්මුල්ගාය, සරම්ප, රුබෙල්ලා වැනි වැක්සීන හදන්නේ අදාල වෛරසවල දුර්වල කළ නිදර්ශක භාවිතා කරමින් නිසා ඉන් සිරුරක පූර්ණ ආසාධනයක් ඇතිවෙන්නේ නැහැ. සෘතුමය උණ වැනි ඇතැම් රෝගයකට එරෙහි වැක්සීනයක් හදන්නේ එහි ප්‍රධාන වික්‍රියාවන් Strains සපුරා අක්‍රිය කිරීමෙනි.

නව කොරෝනා වෛරසයට එරෙහි වැක්සීනයක් හදන කාර්යය අලුත් එසේම පරීක්ෂණ කරලා තියෙන්නෙ අඩුවෙන්, එවැනි ප්‍රවේශයකින් හදන වැක්සීන හඳුන්වන්නේ ප්ලග් ඇන්ඩ් ප්ලේ Plug and Play වැක්සීන ලෙස. නව කොරෝනා වෛරසයේ ජාන කේතය අපි දන්නා නිසා එම වෛරසය තැනීමේ සම්පූර්ණ බ්ලූ ප්‍රින්ට් එකක් Blue print අප සතුව තිබෙනවා.

ඇතැම් වැක්සීන විද්‍යාඥයෝ කොරෝනා වෛරසයේ ජාන කේතයෙන් වෙන් කරගත් නැනෝමය කොටස් හානිකර නොවන වෙනත් වෛරස තුළට ඇතුළු කරනවා. දැන් පුලුවන් කවුරුහරි හානිකර නොවන වෛරසයෙන් ආසාදනය කරන්න සහ එහි ඇතුළත් කොරෝනා ජාන කේතය නිසා දේහයේ කිසියම් ප්‍රතිශක්තියක් ඇති කරන්න.

ජාන කේතයෙන් මූල කොටස් වෙන් කරගන්නා වෙනත් විද්‍යාඥයෝ (ප්‍රවේශය අනුව DNA හෝ RNA) ඒවා සිරුරට එන්නත් කරන අතර ඉන්පසු  වෛරස ප්‍රෝටීන නිපදවීම ආරම්භ වන නිසා සටන් කරන අන්දම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉගෙන ගන්නවා.

නව කොරෝනා වෛරසයට එරෙහි වැක්සීනයක් සොයාගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් තිබෙනවාද?

පර්යේෂකයෝ වැක්සීන නිපදවා ඒවා සතුන් ඇසුරේ අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. ඒ අතර ඊශ්‍රායලය නිවේදනය කළේ තමන් නිපද වූ වැක්සීනය දින 90ක් ඇතුළත මිනිසුන් ඇසුරේ අත්හදා බැලීමට පුලුවන් බවයි.

වැක්සීනයක් සොයා ගතහොත්, කොපමණ කලක් ඇතුළත එය සුලබ වන්නේද?

යථාර්ථය නම් එවැනි වැක්සීනයක් ලබාගැනීමට තරම්, සුලබ වීමට ලබන අවුරුද්දෙ මැදවත් වනු ඇති බවයි. නුදුරේදී එවැනි වැක්සීනයක් සතුන් ඇසුරේ අත්හදා බැලෙනවා නම් මිනිසුන් යොදාගෙන අත්හදා බැලීමට මේ අවුරුද්දේ අන්තිම වෙන්න පුලුවන්.  නත්තලට ඉස්සර එවැනි වැක්සීනයක් තැනීමේ සතුට සමරන්නට විද්‍යාඥයින්ට අවස්ථාව ලැබිය හැකි නමුත් එය මහා පරිමාණයෙන් නිපදවීම කියන්නේ පහසු නොවන ඉළ ඇදෙන වැඩක්.

මේ සියල්ල සිදුවන්නේ පෙර නොවූ විරූ ලෙස කෙටි කාල රාමුවක් ඇතුළත සහ වැක්සීන නිපදවීමට අදාල නව ප්‍රවේශ භාවිතා කරමින් නිසා සියල්ල යහපත් ලෙස සිදුවෙමින් පවතින්නේද යන්න ගැන වගකීම් සහතිකයක් දෙන්නට බැහැ.

මතක තියාගන්න, දැනටත් මිනිසුන් ඇසුරේ පැතිර යන කොරෝනා වෛරස ආකාර 04ක් තිබෙනවා. ඒවායෙන් සාමාන්‍ය හෙම්බිරිස්සාව වැළඳෙනවා. අප සතුව ඒවාට එරෙහි වැක්සීන නැහැ.

එවැනි වැක්සීනයකින් හැම වයස් මට්ටමකම ජනයාට ආරක්ෂාව ලැබෙයිද?

අනිවාර්යයෙන්ම එය වයස්ගත ජනයා සම්බන්ධයෙන් සාර්ථක වනු ඇත්තේ අඩුවෙන්. එහෙම වෙන්නේ වැක්සීනයේ වරදක් නිසා නෙවෙයි. කොහොමත් වයසට යද්දි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිය ඌණ වන නිසා. අපිට එය වෙනත් රෝගවලදිත් දකින්නට පුලුවන්.

එවැනි වැක්සීනයක අතුරු බලපෑම් තිබෙන්නට පුලුවන්ද?

සියලුම බෙහෙත්වල, පැරසිටමෝල්වල පවා අතුරු බලපෑම් තිබෙනවා. නමුත් සායනික අත්හදා බැලීම්වලින් තොරව පර්යේෂණ මට්ටමේ තිබෙන වැක්සීනයක අතුරු බලපෑම් පිළිබඳව පැවසීම අපහසුයි.

වැක්සීනයක් හදන තුරු කළ හැකි ප්‍රතිකාර මොනවාද?

වැක්සීන ආසාදන වළකනවා ඒ අතර මේ මොහොතේ කරන්නට පුලුවන් හොඳම දේ සනීපාරක්ෂාව ගැන සැළකිලිමත් වීම. ප්‍රතිවෛරස බෙහෙත් සායනික අත්හදා බැලීම්වලදී භාවිතාවන නමුත් ඒවායින් කිසිවක් ඵලදායිද යන්න ස්ථීර වශයෙන් කියන්න බැහැ.

බී.බී.සී විදු පුවත් ඇසුරෙන් පරිවර්ථනය ලසන්ත ද සිල්වා

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *