කොරෝනා සුව වුණත් නිවෙසට යා නොහැකි තරුණියක්

මොරටුව මොරටුමුල්ල ප්‍රදේශයේ තරුණියක කොවිඩ් 19 රෝගයට ගොදුරුව ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සුවය ලබා තිබුණත් නිවසට යා නොහැකිව සිටින බව වාර්තා වේ. මොරටුව නගරාධිපති ඩබ්ලිව්.සමන්ලාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ හෝමාගම රෝහලේ තවමත් රැඳී සිටින තරුණිය කනගාටුවෙන් පසුවන බවයි. ඒ සිය පවුලේ සාමාජිකයන් අතරට යෑමට නොහැකි නිසා බවත් ඇයට නිවසට යා නොහැකිව ඇත්තේ ඇගේ නිවෙස තුළ වැසිකිලියක් පිහිටා නැති නිසා බව සෞඛ්‍ය බලධාරීන්ට පවසා ඇති බවත් නගරාධිපතිවරයා හෙළිදරව් කළේය.

දැනට මොරටුව ප්‍රදේශයෙන් පමණක් කොවිඩ් 19 වැළඳී ඇතැයි හඳුනාගත් පිරිස 96ක් වාර්තා වන අතර නිවෙස් 600ක පදිංචිකරුවන් නිරෝධායනයට යොමුකර ඇතැයිද මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු පැවසුවේය. කෙසේවෙතත් මොරටුව ප්‍රදේශයේ නිරෝධායනයට ලක්කර ඇති සියලු දෙනා වෙත නිසි පරිදි සහන නොලැබෙන බව ජනතාව පවසන අතර නගරාධිපතිවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අංශ නිවැරදි දත්ත ලබා නොදීම නිසා සහන සැළසීම දුෂ්කර ව ඇති බවයි.

කෙසේවෙතත් මොරටුව කොරළවැල්ල ජනජය විදුහල් ක්‍රීඩාංගනයේදී අද පුද්ගලයන් 174 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය කරන ලදී. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි පළමු පෙළ ආශ්‍රිතයන් වේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *