කොවිඩ් නොතකා වැඩිහිටියන් ආධාර පෝළිම්වල
රජය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මාසිකව ලබාදෙන රු දහසේ දීමනාව ලබා ගැනිමට බගවන්තලාව තැපැල් කාර්යාලය ඉදිරිපිට වැඩිහිටියන් විශාල පිරිසක් පෝළීම්වල අද (23) දින රැදි සිටින ආකාරය දක්නට ලැබුණි.
තැපැල් කාර්යාලය විවෘත කිරිමට ප්‍රථම එම පිරිස නිරෝධායන සෞඛ්‍යය උපදෙස් නොපිළිපදිමින් තැපැල් කාර්යාලය ඉදිරිපිට පෝළීම්වල රැදි සිටිමින් වැඩිහිටි දිමනාව ලබා ගත්හ.
බගවන්තලාව තැපැල් කාර්යාලයේ සේවකයින් වැඩිහිටි දිමනාව ලබා ගැනිමට පැමිණි වැඩිහිටියන්ට පුද්ගල දුරස්ථභාවය රඳා පවත්වා ගන්නා ලෙසට උපදෙස් ලබා දුන් බවද අප වාර්තාකරු පැවසීය