කොවිඩ් මර්ධනයට රජයට සහය විය යුතුයි – රාමඤ්ඤ මහ නාහිමි

කොවිඩ් අවධානමත් සමඟ රට යම් අවධානමකට ලක්ව තිබෙන අවස්ථාවේ එය මර්දනය කිරීමට රජය ගන්නා වෑයම අවුල් කිරීමට ජාති, ආගම්, පක්ෂ හෝ වෙනත් මත දරමින් කවුරුන් හෝ කරන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අභිනව මහනායක මකුලෑවේ විමල මහනාහිමියෝ පවසති.

මේ බැරෑරුම් අවස්ථාවේ සැවොම කළ යුත්තේ මෙය එක් ජාතියක,ආගමක හෝ පක්ෂයක ප්‍රශ්නයක් ලෙස නොසලකා රටේත් සියලු ජනතාවගේත් ගැටලුවක් සේ සැලකීම බවද උන්වහන්සේ කීහ.

මහනායක ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා මල්වතු අස්ගිරි උභය විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැකීමට අද (30) පැමිණි අවස්ථාවේ මහනාහිමියෝ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළහ.

කොවිඩ් අර්බුදය අප රටට පමණක් නොව සමස්ත ලෝකයටම බලපා තිබෙන ප්‍රශ්නයක් බවත් ලෝක ආර්ථිකය අර්බුදයකට ලක්ව තිබෙන්නා සේ අපේ රටේ ආර්ථිකයටද මින් ප්‍රබල බලපෑමක් සිදුව තිබෙන බවත් කී විමල මහනාහිමියෝ ආර්ථිකය තවත් පහතට යානොදී රැක ගැනීමට රජය ගන්නා වෑයටම සැමගේ සහය හිමිවිය යුතුව තිබෙන බවද අවධාරණය කළහ.

ජනතාව මේ මොහොතේ කළ යුත්තේ සෞඛ්‍ය උපදෙස් ඒ අයුරින්ම අනුගමනය කිරීම බවත් මහජන නියෝජිතයින් පක්ෂ විපක්ෂ ලෙස නොබෙදී මේ අපේ රට මේ අපේ ජාතිය කියන හැඟීම ඇතිව එකට කටයුතු කිරීම බවත් උන්වහන්සේ කීහ.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *