කොවිඩ්-19 නිසා දකුණු ආසියානු දරුවන් මිලියන 600කට බලපෑම්

ලෝකයේ දියුණු රටවල් පවා පීඩනයට ලක් කළ කොව්ඩ් 19 වසංගත තත්ත්වය දකුණු ආසියානු කලාපය වෙලා ගනිමින් තිබියදී රටවල් වසා දැමීම හෙවත් ලොක් ඩවුන් කිරීම ඇතුළු අවශේෂ අතුරු බලපෑම් හේතුවෙන් කිහිප ආකාරයකින්ම දරුවන් ආපදාවන්ට ගොදුරු ව ඇත. වසංගතය නිසා ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම ළමුන්ට වෙනස් පරිමාණයන්ගෙන් දැනෙනු ඇත. දකුණු ආසියාව සඳහා යුනිසෙෆ් හි කලාපීය අධ්‍යක්ෂ Jean Gough ජීන් ගෆ් පවසන්නේ දැන්ම තියා හදිසි පියවර නොගතහොත් ළමුන්ගේ ළමුන්ගේ අනාගතය සහ අපේක්ෂා විනාශ වනු ඇති බවයි.

දිනෙන් දින කොවිඩ් 19 වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන දකුණු ආසියානු කලාපයේ ලෝක ජනගහණයෙන් 1/4ක් දිවි ගෙවද්දී – මිලියන 600ක් දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් වෛරසය ක්ෂණික හා දිගුකාලීන ප්‍රතිචාර ඇති කරන බව පැහැදිලිය.

කෙසේවෙතත් දකුණු ආසියානු කලාපය හා සසඳන විට ලංකාවේ තත්ත්වය යහපත් බව පවසන යුනිසෙෆ් හී මෙරට නියෝජිත ටිම් සටන්, (Tim Sutton) “COVID-19 සඳහා ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරය විශිෂ්ටයි. අප්‍රේල් සහ මැයි මාසවලදී රජය විසින් මිලියන ගණනක් කුටුම්භ වෙත රුපියල් 5000 බැගින් මුදල් ලබා දීම ඇතුළුව වැදගත් පියවර ගන්නා ලදී. එහෙත් අර්බුදයේ බලපෑම ඇදී යත්ම, තවත් මාස 6 ක් සඳහාවත් ජනතාවට සහාය දැක්වීම සඳහා ආරම්භක මුදල් ගෙවීමේ ප්‍රතිචාරය අඛණ්ඩව පවත්වා ගෙන යාම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වන අතර රට පුරා ළමා යහපැවැත්ම සඳහා දිගු කාලීන ප්‍රතිලාභ ලබා දෙනු ඇත” යනුවෙන් සඳහන් කරයි.

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *