ගිනිගත්හේන කොටියාට සුවයි

ගිනිගත්හේන කෙනිල් තේ වත්තේ ලඳු කැලෑවක සතුන් දඩයම් කිරිමට අටවා තිබූ මන්දකට අසුව තුවාල ලැබ සිටි කොටියා ප්‍රතිකාර ලබාදීමෙන් පසු නල්ලතන්නිය සමනල ස්වභාවික රක්ෂිතයට අද (13) මුදාහැර තිබේ.

අවුරුදු හයක් පමණ වයසැති මෙම කොටියා අඩි පහක පමණ දිගින් යුත් ගැහැණු සතෙකි. මෙම වසර තුළ මදුවලට අසුව උඩරට කඳුකරයේ කොටි හය දෙනෙකු මියගොස් ඇත.තුවාල ලබා සිටියදී මදු වලින් බේරාගත් කොටි තිදෙනෙකු ප්‍රතිකාර ලබාදී වනයට මුදාහැර තිබෙන බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

මෙම කොටියා අසුවූ මන්ද ඇටවූ බව කියනා පුද්ගලයා හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔහු මෙම මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගිනිගත්හේන කෙනිල් වත්තේ පදිංචි සවරිමුත්තු අරුල්සාමි නැමති 70 හැවිරිදි තිදරු පියෙකි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *