ගුටිකෙළි මැද මහනුවර අයවැය සම්මතයි

එජාපයට බලය හිමි මහනුවර මහ නගර සභාවේ 2021 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීම පෙරේදා (21) පස්වරුවේ නගර ශාලාවේ පැවැති අවස්ථාවේ මන්ත්‍රීවරු අතර ඇතිවු උණුසුම් කතාබහක් දුරදිග යෑම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

මහනුවර පුරපති කේසර සේනානායක මහතා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කළ අතර විපක්ෂ නායක සේන දිසානායක මහතා විසින් ඡන්ද විමසීමක් අවශ්‍ය බව සඳහන් කළේය.
අයවැයට පක්ෂව ඡන්ද විමසිමේදී ඊට පක්ෂව ඡන්ද 20 ක්ද විපක්ෂව ඡන්ද 17 ක්ද ලැබිණි.ඒ අනුව වැඩි ඡන්ද තුනකින් අයවැය සම්මත විය.නගර සභාව නියෝජනය කරන ඉන්දික තෙන්නකෝන් මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැලකී සිටීම නිසා පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා හා ඔහු අතර උණුසුම් කතාබහක් ඇති වීමෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
මුදල් ලබා ගනිමින් පාවා දීමක් සිදු කොට ඡන්දය ප්‍රකාශ නොකළ බව කියමින් ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා ඉන්දික තෙන්නකෝන් මන්ත්‍රීවරයාට චෝදනා කිරීම හේතුවෙන් දෙදෙනා අතර උණුසුම් කතාබහක් ඇතිවූ අතර අවසානයේදී එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ අතර සෙසු මන්ත්‍රීවරු මැදිහත්ව සිද්ධිය සමතයකට පත්කරනු ලැබූහ.

පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 16 දෙනෙකු ශ්‍රී ලංකදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 03 දෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 02 නෙකු වශයෙන් මන්ත්‍රීවරු 21 දෙනෙකු විපක්ෂයේ කටයුතු කරති.ඡන්දය විමසන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඉන්දික තෙන්නකෝන් මන්ත්‍රීවරයාද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සංගීත් සිල්වා මන්ත්‍රීවරයා නිරෝධායනය වෙමින් සිටින බැවින් ඔහු මෙදින සභාවට පැමිණ සිටියේ නැත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *