ගුවන්තොටුපල විවෘත කිරීමට අධීක්ෂණ කාලයක්

ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමඟ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගනිමින් රටට හානියක් නොවන පරිදි සංචාරක ව්‍යාපාරය දියත් කළ යුතු වන්නේ කෙසේද යන්න සම්බන්ධව අධීක්ෂණ කාලසීමාවක් (Trial Period) එළඹෙන ජනවාරි 19 දා තෙක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා සංචාරක අංශයේ දායකත්වය ලබාගත යුතුව තිබෙන බවත් ලෝකයේ සෙසු රටවල්ද මෙම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බවත් ඒ මහතා කීය.
මහනුවර කුණ්ඩසාලේ පැවැති ජනහමුවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.
කොවිඩ් සම්බන්ධ තීන්දු තීරණ ගැනීම සඳහා ජනපති ප්‍රධානත්වයෙන් දිනයක් හැර දිනයක් කමිටුව රැස්ව සාකච්ඡා කරන බවත් සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.
රට දුරටත් වසා තැබීමේ හැකියාවක් නොමැති බවත් සෞඛ්‍ය උපදෙස් උපරිම ලෙස ක්‍රියාවට නංවමින් ආර්ථිකය ඉදිරියට ගෙනයෑමේ අභියෝගය ජය ගැනීමට රජය නිරන්තරව කැපවන බවත් හෙතෙම කීය.