ගොවිතැනට කාල නිර්ණය කිරීම

ගොවිතැන සඳහා කාල නිර්ණයේදී වසරේ එලඹෙන කාලය විවිධ කරුණු හේතු කොට ගෙන කොටස් වලට බෙදේ.

1           සූර්ය්‍යා මූලික කරගෙන වසරේ කුමන මාසයේ වගා කල යුතුද?

2        චන්ද්‍රයාගේ තිථිය මූලික කරගෙන මාසයේ කිනම් කරණයට අනුව වගා කල යුතුද?

3          සතියේ ග්‍රහ බලපෑම අනුව භෝගයට අනුරූපව සතියේ දිනය වෙන් කර ගැනීම

4          දවසේ හෝරාව වෙන් කර ගැනීම

මෙම කරුණු පිළිවෙලින් එකින් එක විශ්ලේශනය කිරිමෙන් භෝග සිටුවීමට අවම ශ්‍රමයකින් වැඩිම ඵලදාවක් ලැබීමේ සොබාදම් න්‍යායට අනුගත විය හැක.

මෙය ජ්‍යෝතිෂයට අනුව ශාක සිටුවිමට දිනය , කරණය, තිථීය, හෝරාව, නැකත  බැලිය යුතු යැයි කියැවේ . අවම වශයෙන් දිනය, කරණය, හෝරාව බැලිය යුතුය.

සූර්‍ය්‍යයා සහ කාල නිර්ණය

පෘථීවියට බලපාන එකම ශක්ති ප්‍රභවය සූර්‍ය්‍යයාය. ගොවිතැනේදී ද ප්‍රධානම සාධකය වන්නේ සූර්‍ය්‍යයා වන අතර එය ප්‍රධානම සාධකය වන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුය.

සූර්‍ය්‍යයා වටේ පෘථීවිය ඉලිප්සීය ගමන් මඟක ගමන් කරයි. එම ගමන් කරන මාර්ගය සූර්‍ය්‍යායනය නම් වේ. එක් එක් අවස්ථාවේ සූර්‍ය්‍යයාගේ බලපාන ලක්‍ෂණ අධ්‍යයනය කොට  සූර්‍ය්‍යායනය සමාන කොටස් 12 කට බෙදේ. (එක කොටසකට අංශක 30 ක් බැගින් රාශි 12 කට)

රාශි 12

මේෂ   කටක තුලා                මකර

වෘෂභ  සිංහ  වෘශ්චික         කුම්භ

මිථුන  කන්‍යා                ධනු      මීන

ඉංග්‍රීසි දින දර්ශන වලට වඩා එකත් පසින් ම වෙනස් මෙම දින දර්ශනය සූර්‍ය්‍යයාගේ එක් එක් කාල වල ඇති ලක්‍ෂණ තියුණු නිරීක්ෂණයකින් පසුව සහේතුවක දියුණු කළ බව ගම්‍ය වේ.මෙහිදී සූර්‍ය්‍ය වර්ෂය ආරම්භ වන්නේ මේෂ රාශියෙනි. අවසන් වන්නේ මීන රාශියෙනි. මෙම අවුරුද්ද අරම්භය හෙවත් රවි මීනයෙන් මේෂයට ගමන් කිරීම අවුරුදු සංක්‍රාන්තිය ලෙස හැඳින්වේ. සූර්‍ය්‍ය මසයේ දින ගණනයද සංක්‍රාන්තියෙන් ආරම්භ කරයි. සංක්‍රාන්තිය රාත්‍රියකට යෙදුනහොත් පසු දින ප්‍රථම දිනය ලෙස ගැනේ. සංක්‍රාත්ති සමය හෙවත් සංක්‍රාන්තියට පෙර සහ පසු දින සුභ කටයුතු වලට නොගැනේ. සංක්‍රාන්ති දිනය වර්ෂාවට බරය.

රාශි බෙදීම සහ භාවිත වසරේ කාලය හඳුනා ගැනීම

මෙහිදී සියලුම කාල පරාස ආසන්න වශයෙන් දැක්වේ. සෑම අවුරුද්දකම කාල පරාස වෙනස් වන බැවින් ඒ ඒ අවුරුද්දට අදාල රාශි චක්‍රය වෙන වෙනම අධ්‍යනය කිරීමෙන් නිශ්චිතම කාල පරාසය ලබා ගත හැක.

මේෂ – අප්‍රේල් 15 වනදා සිට මැයි 15 දක්වා මේෂ රාශියේ ගමන් කරයි (ආසන්න වශයෙන්).

කෙසේ වෙතත් තාරකා විද්‍යානුකූලව සූර්‍ය්‍යයාට පෘථිවිය වටා එක් වටයක් යාමට ගතවන කාලය දින 365.25 නිසා එක් වසරක සිට අනෙක් වසරට යද්දී පැය 6 පසුබැස්මක් සිදුවේ. යලිත් අධික අවුරුද්දක් පැමිනීමත් සමඟ මෙම වෙනස අඩුවේ. 1900 දී සූය–යා මේෂ රාෂියට පිවිසියේ මාර්තු මස 20 දිනයි.

වෘෂභ – මැයි 15 සිට ජුනි 14 දක්වා

මිථුන – ජුනි 14 සිට ජූලි 16 දක්වා

කටක – ජුලි 16 සිට අගෝස්තු 15 දක්වා.

සිංහ – අගොස්තු 15 සිට සැප්තැම්බර් 15 දක්වා

කන්‍යා ලග්නය  සැප්තැම්බර් 16 සිට ඔක්තෝම්බර් 30

තුලා – ඔක්තෝම්බර් 31 සිට නොවැම්බර් 22 දක්වා

වෘෂ්චික – නොවැම්බර් 15 සිට දෙසැම්බර් 15 දක්වා

ධනු – දෙසැම්බර් 16 සිට ජනවාරි 14 දක්වා

මකර – ජනවාරි 15 සිට පෙබරවාරි 16 දක්වා

කුම්භ – පෙබරවාරි 16 සිට මාර්තු 15 දක්වා

මීන – මාර්තු 15 සිට අප්‍රියල් 14 දක්වා

පෘථීවිය භ්‍රමණය වීම අංශක 23.5 ක් ඇලව සිදුවේ. එම නිසා වර්ෂයේ අඩක් සූර්‍ය්‍යයා උතුරු අර්ධයේ ද (උත්තරායනය) වර්ෂයෙන් අඩක් දක්‍ෂිණ අර්ධයේ ද (දක්‍ෂිණායනය) ගමන් කරයි. නිවර්ථන රේඛා ආසන්නයේ හෝ ඉන් ඔබ්බට ඇති රට වලට මෙම ක්‍රියාවලිය සෘජුව බලපා සෘතු භේදය සිදු වුවද සමකය ආසන්නයේ පිහිටි ශ්‍රි ලංකාවට මෙය යල සහ මහ ලෙස ප්‍රධාන කොටස් දෙකකින් විස්තර කළ හැකිය. මෙම දිනයන් මකර රාශිය (ජනවාරි 15) සිට ම්ථුන රාශිය (ජූලි 15) දක්වා උත්තරායනය ද කටක රාශිය (ජූලි 16) සිට ධනු රාශිය (ජනවාරි 14) දක්වා කාලය දක්‍ෂිණායනය ද වේ.මෙසේ යල සහ මහ කන්නය චක්‍රීයව කෘෂිකර්මයට දායක වන ආකාරය අවබෝධ කර ගැනිමට ඒ ඒ කාල වල සූර්‍ය්‍යාලෝකයෙහි ස්භාවය හඳුනා ගැනිම වැදගත් වේ.

පෘථිවි අංශක 23.5 ක ඇලය

පෘථිවිය අංශක 23 .5ක් ඇලව සූය්‍ය–ායනය සිදු වන බවත් එනිසාම පෘථිවියට සෘතු භේදය හට ගන්නා බවත් බොහෝ දෙනා දන්නා කරුණකි. නමුත් මෙම අංශක 23 1/2 න්‍යායට අනුකූලව අවට පරිසරයේ සිදු වන බොහෝ විවිධ ක්‍රියාකාරකම් ඇත. එයින් සමහරක් නම්,

පෑනකින් ලියනා විට පෑනෙහි ආනතිය

මඤ්fඤාක්කා සිටුවන විට දන්ඩ සිටුවන ආනතිය

පොල් තවන් දමන්න පොල් ගෙඩි දෙකක් එල්ලන ආනතිය

කලු ලෑල්ලේ අකුරු ලියන ආනතිය

රබර් ගසක වෙට්ටුව දමන ආනතිය

බයිසිකලයක් වංගුවකදී ඇල කලහැකි උපරිමය ද අංශක  23.5 කි.

ගසකට මුක්කුවක් තබන ආනතිය

පින්සලකින් තීන්ත ගාන්නේ හෝ අඳින්නේද මෙම ආනතිය ඇතුවය.

සූර්යාලෝක වර්ණාවලිය

කුඩා කල ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකය ගමන් කර වර්ථනය වී දේදුන්නක පාට ලැබෙන බව ඔබට සිහියට නැංවිය හැක. එම ක්‍රියාවලිය අධ්‍යනය කලද එය කුමක් අරමුණු කරගෙන අධ්‍යයනය කලේද යන්න විශය නිර්දේශයේ නොදැනුවත්කම්න් හෝ උවමනාවෙන්ම මගහැරී ඇත.

පෘථවිය අංශක 23.5 ක් ඇලව භ්‍රමණය වන නිසා සූර්ය්‍යාලෝකය, ජල වාෂ්ප සහ වායු ගෝලය හරහා පැමිණෙන විට යම් වර්ථනයකට හසු වේ. සමස්ථයක් ලෙස ආලෝකය සුදු ලෙස අර්ථ දැක්වුවද දෘෂ්‍ය පරාසයේ වර්ණ 07 කින් මෙම සුදු වර්ණය යුක්තය. විද්‍යාත්මකව සූර්ය්‍යාලෝක තරංග පරාස මයික්‍රෝන මිනුමෙන් විග්‍රහ කලද මෙහිදී කෘෂි විශයට අදාල කරුණු පිළිබඳ පමණක් සාකච්ඡා කෙරේ.

වසරේ සෑම කාලයකම සුදු වර්ණය පෘථීවියට ලැබුනද සූර්ය්‍යාට ඇති දුර, සූර්ර්‍ය්‍ය චන්ද්‍ර පරිභ්‍රමණ, වායු ඝනත්ව, ආර්ද්‍රතාව, සෘතුව, ආදී විවිධ කරුණු හේතු කොට විවිධ කාල වල සූර්ර්‍ය්‍යාලෝකයේ වර්ණාවලියේ විවිධ වර්ණ තීවිරව පෘථීවියට ලැබෙන බවත් විද්‍යාත්මකව පැහැදිලි කෙරේ. කෙසේ වෙතත් අවබෝධයෙන් සූක්ෂමව පරිසර අධ්‍යයනය කරන්නෙකුට මෙම වර්ණ විපර්යාසය දළ වශයෙන් නිරීක්ෂණය කල හැකිය. (උදාහරණයක් ලෙස පෙබරවාරි (නවම්) මාසයේ සන්ධ්‍යාභාගයේ මුලු පරිසරයම රතට හුරු තැඹිලි වර්ණයෙන් අලංකාර වේ.)

මිනිසා මෙම ක්‍රියාවලියට එතරම් සංfවිදී නැති වුවද ශාක ප්‍රජාව මෙම වර්ණ විපර්යාසයට (තරංග ආයාම වෙනසට) එකිනෙකට වෙනස් වූ ප්‍රතිචාර දක්වන බව නිරීක්ෂණය කල හැක.

විශේෂයෙන් ශ්‍රී ලංකාව පිහිටීම ගත් කල වර්ෂයකට දෙවරක් සූර්ය්‍යා මුදුන් වීමෙන් යල සහ මහ කන්නය ආශ්‍රිතව මෙම වර්ණ විපර්යාසය අධ්‍යනය කිරීම සුදුසුය.

වර්ණාවලියේ තීවිර වන වර්ණයශාකවල සිදුවන වෙනස්කම්ලැඛෙන මාසය
යලමහ
දïමුල් ඇදීමනවම් සහ    මැදින් මැදනිකිනි මැද සහ බිනර
නිල් – නීලමුල් දික්වීමබක්වප්
කොළ – පච්ඡපත්‍ර සෛල වර්ධනයවෙසක් මුලඉල් මුල
කහ – පීත පුරුක් දික් වීම, බිජ හට ගැනීමවෙසක් අගඉල් අග
තැඹිලි – රඹමුල් දික්විමපොසොන් මුලඋඳුවප් මුල
රතු- ලෝහිතඅතු ඛෙදීම, බීජ රෝපණයපොසොන් මැදදුරුතු

ගෙදර දොර විමසිලිමත් වීමේදී පරිභෝජනයට ගන්නා අර්තාපල් මුල් අදින්නේත් ලූනුවල මොටෙයි එන්නේ කුමන කාලවලද යන්න නිරික්ෂණය කළ හැක.

හිරුගේ වර්ණාවලිය සහ තුරුලතා කෙරෙහි බලපෑම

දම් පැහැ මුල් අදී නිල් මුල්       ලියලීම
කොල පැහැ කොළ වඩයි කහ ඵල  බරවීම
රත අතු බෙදයි පඬුපැහැ මුල්       දික්වීම
හිරුගේ වරුණ තුරු වැල් සතපයි    බෝම

නවම් මැදින් නිකිණිය සහ බිනර       මැද
දම් පැහැ ලැබේ හිරුගේ තේජසින්      ඔද
බක් සහ වප් මහේ නිල් පැහැ ගෙනෙන  ලද
තුරු මුල් දික් කරයි මිහිතල සුවඳ       විඳ

වෙසක් ඉල් මහේ ගහ කොල      දලුලනවා
පොහොයට ලං වෙද්දි මැද අතු දික්   වෙනවා
පොසොන් දුරුතු මැද අතු බෙදි බෙදි   යනවා
කල් යල් බැලූ ගොවිතැන කිරි      උතුරනවා

මහේන් සූරි

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *