ඡන්ද හිඟමනේ ආ හොර දොස්තර හසු වෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයට ශ්‍රි ලංකා කම්කරු පක්ෂයෙන් මෙවර මහ මැතිවරණය සදහා තරඟවදින අපේක්ෂකයෙකු වන කේ.ආර් ක්‍රිෂාන් නැමැති අය බගවන්තලාව තෙරේසියා වත්තේ මොරා කොටසේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරතව සිටින අතරතුර වතුකම්කරුවන්ගේ රුධිර පීඩනය මැන ඔවුන්ට ඖෂධ ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

තමන් වෛද්‍යවරයෙකු බව පවසමින් අදාල අපේක්ෂකයා රෝග නිරීක්ෂණය කරමින් වතු කම්කරුවන්ට ඖෂධ ලබාදී තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.

තමන් වෛද්‍යවරයෙකු බව සනාථ කිරීමට අදාළ අපේක්ෂකයා කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවත් ඔහුගේ මෝටර් රථයේ තිබී රුධිර පීඩනය මනින උපකරණයක්ද සොයාගත් බවත් මහජන පරීක්ෂකවරු පවසති.
අදාළ පුද්ගලයා වතුකම්කරුවන් අතර බෙදාදී තිබූ ඔහුගේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා වල ඔහු වෛද්‍යවරයෙකු ලෙස දක්වා තිබේ.
අපේක්ෂකයා සතුව තිබූ ඖෂධ හා රුධිර පීඩනය මනින උපකරණය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *