ජාත්‍යන්තර කුඩු ජාවාරමේ අතරමැදි ලංකාවේ ෂෙනායා ඉන්දීය අත්අඩංගුවේ

දකුණු ඉන්දීය මුහුදේ තූත්තුකුඩිය ආසන්නයේ දින 09ක් තිස්⁣සේ සිදු කළ විමර්ශන මෙහෙයුමකින් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 100ක් සමඟ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් වන ෂෙනායා දුව අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සමත්ව තිබේ. ඉන්දීය බුද්ධි විමර්ශන මෙහෙයුම් අතරතුර ලද තොරතුරු මත මෙම සෝදිසිය ආරම්භ කර ඇත්තේ පසුගිය නොවැම්බර් 17 වැනිදා ය.

⁣අත්අඩංගුවට පත්වන විට මෙම යාත්‍රාවේ කාර්ය මණ්ඩලය 06 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලාංකික පුරවැසියෝ ය. ඉන්දීය බලධාරීන් සඳහන් කරන අන්දමට ඔවුන් සියලු දෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයවලුන්ය.

වෙරළ ආරක්ෂකයින් කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී බෝට්ටුවේ කාර්ය මණ්ඩලයේ 06 දෙනා පවසා තිබෙන්නේ, ෂෙනායා දුව බෝට්ටුවට ගැඹුරු මුහුදේදී පටවන ලද හෙරොයින් පාකිස්ථානයේ කරච්චි සිට ප්‍රවාහනය කර ඇති බවයි. ඒවා ඔස්ට්‍රේලියාව හෝ යුරෝපීය ගමනාන්තයක් වෙත යැවීමට සූදානම් කර තිබී ඇත.

බෝට්ටුවේ තිබී හෙරොයින් කිලෝව බැගින් වන අසුරණ 99ක් සමඟ, සින්තටික් මත්ද්‍රව්‍ය ඇසුරුම් 20ක් සහ මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලද, සැටලයිට් දුරකතන පද්ධතියක්ද හමු වූ බව ඉන්දීය බලධාරීහු වාර්තා කළහ. බෝට්ටුවේ තට්ටුව මත තිබූ හිස් ඉන්ධන ටැංකියක හෙරොයින් ගබඩා කර .

ඉන්දීය වෙරළාරක්ෂකයින් උපුටා දක්වමින් අපගේ වාර්තාකරු පවසා සිටියේ ෂෙනායා දුව බෝට්ටුව ශ්‍රී ලංකාවේ මීගමුව ප්‍රදේශයේ හිමිකරුවෙකුට අයත් බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *