ඩයගම හැටන් බස් අනතුර 48කට තුවාලයි

ඩයගම සිට පොඩයිස් හරහා හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පොඩයිස් වත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 ක් පමණ බෑවුමකට පෙරලිමෙන් එහි ගමන් ගත් පාසල් ළමුන් 30 දෙනෙකු 48 දෙනෙකු තුවාල ලැබ දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර අද (02) පෙරවරු 7.00 ට පමණ සිදුව ඇත.
රෝහල් ගත කල පාසල් සිසුන් අතරින් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර තිබේ.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අනෙකුත් සිසුන්ගේ සහ මගීන්ගේ තත්ත්වය බරපතල නොවන බව දක්ඔය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.
බස් රථයේ ඉදිරිපස රෝදයේ ඇතිවූ කාර්මික දෝෂණයක් හේතුවෙන් අනතුර සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
අදාළ මාර්ගයේ දැඩි ලෙස අබලන් වී තිබෙන බවත් එම මාර්ගයේ ගමන් ගැනීමේදී බස් රථය දිගින් දිගටම වලවල් වලට වැටීමෙන් කාර්මික දෝෂය හටගන්න්ට ඇතැයි මගීහු පවසති.
බස් රථ අනතුරෙන් තුවාල ලැබු සිසු සිසුවියන් අතර පොඩයිස් දමිළ මහා විද්‍යාලය,ගිනිගත්හේන මධ්‍ය මහ විදුහලේ සහ තවත් පාසැල් කිහිපයක සිසුන් සිටින බව පොලීසිය පවසයි.
අනතුරෙන් බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාද තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇත.
හැටන් සිට ඩයගම දක්වා ආගරපත ඩයගම,බෝපත්තලාව,හොල්බෘක් යන ප්‍රදේශවලට පිවිසිමට ඇති කෙටිම මාර්ගය මෙය වන අතර එම මාර්ගයේ දිනකට ලංගම සහ පෞද්ගලික බස් රථ 20 කට අධික සංඛ්‍යාවක් සහ පෞද්ගලික වාහන ගණනාවක් ධාවනය කෙරෙයි.
අධික කදු බැවුම් සහිත එම මාර්ගය වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර නොමැති නිසා විශාල වලවල් හැරි එම මාර්ගයේ ගමන් ගන්නා වාහන අනතුරට පත් විමේ දැඩි අවධානමක්ද පවතින බව ප්‍රදේශවාසිහූ පවසති.අනතුරට පත් බස් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇත.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *