ඩියෙගෝ මැරඩෝනා, පුරාවෘත්තගත පාපන්දු තරුව නිවී යයි

ආජන්ටියානු පාපන්දු පුරාවෘත්තය ලෙස හඳුන්වන ක්‍රීඩක ඩියෙගෝ මැරඩෝනා හෘදයාබාධයක් නිසා මීට ස්වල්ප මොහොතකට පෙර මරණයට පත් වූ බව වාර්තා වේ.  මොළයේ රුධීර වහනයක් නිසා රෝහල්ගතව සිට නිවෙසට ගොස් දෙසතියකට පසුව ඔහු මෙලෙස මරණයට පත් විය. මියයන විට මැරඩෝනා 60 හැවිරිදි වියේ පසු වූ බව සඳහන් වේ.

ආජන්ටියානු පාපන්දු ඉතිහාසයේ කීර්තිමත්ම හා වඩාත් ආන්දෝලනයට ලක් වූ මේ ක්‍රීඩකයා මිය ගියේ නිවසේදීම බව ඔහුගේ නීතිවේදියා සඳහන් කළේය. ක්‍රීඩාව අතින් සාර්ථක හා කීර්තිමත් තැනැත්තෙකු වූ ඔහු පුද්ගලික දිවියේදී කලහකාරී හා මත්ද්‍රව්‍ය භාවිතා කළ අපකීර්තිමත් තැනැත්තෙකු වශයෙන්ද කලක් ප්‍රකටව සිටියේය.

1986 එංගලන්තයට එරෙහිව ලෝක පාපන්දු කුසලානය දිනූ කණ්ඩායමේ ඔහු ප්‍රබලයෙකු වූ අතර ජයග්‍රාහී ගෝලය එල්ල කිරීමෙන් අනතුරුව දෑත් ඉහළට ඔසවමින් ප්‍රීතිය පළ කළ ආකාරය ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කළේය.

Argentine football legend Diego Maradona has died at the age of 60

Maradona's Hand of God was responsible for England's elimination from the 1986 World Cup

1987 හා 1990 ඉතාලි පාපන්දු ලීග තරඟවල ඔහුගේ දායකත්වය කැපී පෙනෙයි.  නමුත් මේ සමයේ ඔහුගේ අපකීර්තියද වර්ධනය වූ අතර දැඩි ලෙස කොකේන් භාවිතයට ඇබ්බැහි විය. 1991 දී සිය ක්‍රීඩා සමාජයෙන් නෙරපා හරින ලද අතර මත්ද්‍රව්‍ය පරිහරණය නිසා මාස 15ක තරඟ තහනමකට ලක් විය.

උත්තේජක පරීක්ෂණවලින් අසමත් වීම නිසා 1994 ඇමරිකාවේ පැවති ලෝක කුසලාන තරඟාවලියෙන් මැරඩෝනා නෙරපා හරින ලද අතර 1999 සහ 2000දී හෘදයාබාධ නිසා රෝහල්ගත වීමට සිදු විය.

මෙවර මොළයේ සැත්කම නිසා රෝහල්ගතව සිටි ඔහු  ඉන් නික්මුණේ පසුගිය 11 වැනිදාය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *