තල්මස් අම්බර සමග 08ක් අත්අඩංගුවට
ලක්ෂ 160කට අලෙවි කිරීමට අම්බර කිලෝ 18ක් රැගෙන යමින් සිටි පුද්ගලයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලීසිය පවසයි. නාවික හමුදා බුද්ධි බලකායෙන් ලද තොරතුරක් මත කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සැකකරුවන් තිස්සමහාරාම යෝධකණ්ඩිය ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අම්බර තොගය අලෙවි කිරීමට සැළසුම් කර තිබී ඇති අතර ඒවාද, සැකකරුවන්ද කිරින්ද ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.