තුරුණු මිදිවැල පලබරය.

හරිත වර්ණයෙන්
සැදි ක්ෂේම භූමියකි
එය අතැර දා නුඹ ,
පිටව ගිය කළෙක
රුදුරු කතරට

සුළි කුණාටුව තර,
දරාගනු බැරිව
සොයා දිය පොදක්
දස අත…
මුව පැටවු රැල කෙසේ නම් රැක ගන්නද ?
ඇය වුණත් දාහයෙන්
විඩාබර ඇති නොවෙද

අපට නම් හිම පතනයක් අද
නුඹ නික්ම ගිය දා
කුණාටුවක් හැමුවා
බෝ සැඩව ,

නිසලයි දැන් දළුපත්
එ දවස සෙලව ගිය,
නුඹ සිට වූ මිදි වැල
පලබරයි දැන් යළි ,

ඉතින්…

මිදි වයින් බිඳක්
තොල ගාන්නට
යළි නේන වග දන්නවා
නුඹ කිසිදාක ,

නුඹ ගැන අසන
දවසට අපේ පොඩි පුතු
යශෝදාරාවක සේ
පෙන්වන්නම්
කෙම්බිමෙන් වෙන් වුණ
කාන්තාරය දෙස
අත දිගුකර
ඈ හා නුඹ ,නික්ම ගිය මග,
සත්‍ය නොසොයාම

දමයන්ති ගල්පායගේ .

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *