දළදා මැදුරේ පොසොන් පෙරහැර පැවැත්වේ

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහර අද (05) අලි ඇතුන් සහිතව සීමිත කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් මාලිගා චතුරස්‍රයේදී පැවැත් විණි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු ශ්‍රී දළදා මාලිගාව තවමත් බැතිමතුන් වෙනුවෙන් විවෘත කර නොමැත. ඒ අනුව පසුගිය වෙසක් පෙරහරද ශ්‍රී දළදා මාලිගාව අභ්‍යන්තරයේ පමණක් පැවැත්වීමට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පියවර ගෙන තිබිණි.

මෙවර පොසොන් පොහොය නිමිතිකොට ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන පුදසිරිත් වලට සමගාමීව පෙරහර මංගල්‍යය සංවිධානය කෙරිණ. එහිදී පෙරහර කරඬුව මියන් රාජා ඇතා මතින් වැඩම කළ අතර ගැමුණු හා බණ්ඩාර යන අලි දෑලේ ගමන් ගත්හ. දළදා සමිඳුන් වැඩසිටින ගන්ධ කුටියේ තැන්පත්කර තිබෙන පෙරහර කරඬුව තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර නාහිමියන් විසින් පිටතට වැඩම කර මියන් රාජා ඇතා මත වූ රන්සිවිගෙයෙහි තැන්පත් කරනු ලැබීය. දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවට පොසොන් පෙරහැරේ මෙවර ගමන් කළේ ශ්‍රී දළදා මාලිගාවේ කාරියකරවන කෝරාළ වීම විශේෂත්වයකි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *