දළඳා සමිඳුට මී පැණි පුද දේ

දඹානේ ආදාවාසී ජනතාව ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදුකරන මී පැණි පූජාව ඊයේ (30) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරුණි. ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ ප්‍රමුඛ දොළොස් දෙනෙකුගෙන් යුත් ආදිවාසි කණ්ඩායමක් මී පැණි පූජාව සඳහා දඹානේ සිට පැමිණි අතර දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඔවුන් පිළිගනු ලැබීය. සෑම වසරකම පළමු රන්දෝලි පෙරහර දින දළදා වහන්සේ උදෙසා  මීපැණි පූජාව ආදිවාසී ජනතාව විසින් පවත්වනු ලබන්නේ දශක ගණනාවකට පෙර සිටය.

ශ්‍රී දළදා සමිඳුන් වැඩ සිටින කුටිය වෙත දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් වැදි නායක වන්නයලෑ ඇත්තන්ව කැඳවාගෙන යාමෙන් පසු දළදා තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර නාහිමියෝ මී පැණ පූජාව සඳහා අවස්ථාව සලසා දුන්හ.    මීපැණි පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ  දළදා සමිඳුන් උදෙසා පූජා කිරීම සඳහා මීපැණි සොයා ගැනීම වර්තමානයේ එතරම් අසීරු කටයුත්තක් නොවූවද අනාගතයේදී නොඉඳුල් මී පැණි සොයා ගැනීම අති දුෂ්කර කාර්යයක් වනු ඇතැයි පැවසුවේය.                                                          

ඉවක් බවක් නොමැතිව සිදුකරන වනාන්තර විනාශය,අසීමාන්තික කෘමි නාශක භාවිතය හා  වෙනත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පරිසරය විනාශය නිසා මී මැස්සන් වඳ වී යාමේ තර්ජනයක් මතුව තිබෙන බවත් මී මැස්සන් වඳවීම යනු මිනිස් සංහතියේද වඳවීම බවත් ආදී වාසි නායකයා කීවේය. මේවන විට ලොව පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වැනි භයානක වෛරස් රෝග වලට හේතුවී තිබෙන්නේද පරිසර විනාශය යැයි හෙතෙම කීවේය.                                                                                                            

බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියද මෙම අවස්ථාවට සහභාගි වූවාය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *