දින විතරයි අංක නැහැ, කොමිසම ඡන්ද අයිතිය දිය යුතුයි – ජානක වක්කුඹුර


සමිපත් ප්‍රියනන්දන

පාර්ලිමේන්තු  මැතිවරණය  පැවැත්වීමට අදාල  සමිපුර්ණ බලය ඇති මැතිවරණ කොමිසම එය පමා කරමින් ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කර ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.  මෙතෙක්  අපේක්ෂක  අංක  ලබා  දීමටවත්  කටයුතු  කර  නොමැති එම කොමිසම ආණ්ඩුව සද්භාවයෙන් ඉටුකරන කාර්යයන්ට හරස් කපන බවද හෙතෙම පෙන්වා දෙයි. හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මේ බව  පැවැසුවෙි අද (15)  බලංගොඩ ප්‍රදේශයේ  පැවැති  මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ   ජානක වක්කුඔුර මහතා  මෙසේද පැවසීය.
“මැතිවරණ  කොමිසම දෙන  ඕනෑම  දිනයකදි  මැතිවරණය  තියන්න  ආණ්ඩුව  සුදානමි. මැතිවරණයට  ඉදිරිපත්  වෙන්නත්  සුදානමි. අපිට  කිසිම  උවමනාවක්  නැහැ  හදිසියේ ඡන්දය  තියන්න. නමුත්  ප්‍රජාතන්ත්‍රවාදී  රටක  ඡන්දයක්   නියමිත  දිනට   පවත්වන්න වුවමනයි. එලෙස  ඡන්දයක්  පවත්වන්නේ   නැති  වුණාම  රටෙි  ගැටලු රැසක්  මතු වෙනවා. රජය  මගින්  උපාධිධාරීන්  47000 ට පත්වීමි   ලබලා  දීලා  තිබෙනවා. ඒ  ගොල්ලන්ට  පඩි ගෙවන්න  හදන කොට  මැතිවරණ කොමිසමේ සභාපතිවරයා  කියනවා  එපා  කියලා. ඒ  උපාධිධාරීන්ට  රැකියාවත්  නැහැ. පඩිත්  නැහැ. පුහුණුවට  යන්නත්  නැහැ. ඒ  වගේම  මේ  රටෙි   සාමාන්‍ය පෙළ  දක්වා  ඉ⁣⁣ගෙන  ගත්  දරුවන්  ලක්ෂයකට  රැකියා  ලබලා  දෙන්න   සමිමුඛ  පරීක්ෂණ  තියලා  තිබෙනවා. ඒ දරුවන්ට  රැකියා දෙන්න  බැරිව  ඉන්නවා.  මැතිවරණ  නීතිය  අනුව, උසස්වීම් හා  ස්ථාන  මාරුවීමි  ගන්න  විශාල  පිරිසක්  ඉන්නවා. මේ  වගේ   මැතිවරණ  නීති  නිසා  අද  ඒවා සියල්ලම  ප්‍රමාද  වෙලා  තිබෙනවා.
එක්කො  ඡන්දෙ  තියන්න  ඕන. නැත්නමි  මේ  මැතිවරණ  කොමිසමට   පුළුවන්නමි    අවලංගු  කරලා  දාල  හරි පුළුවන්  කාලෙක තියන්න   ඕන. මේ රටේ  ජනතාවට  ප්‍රජාතන්ත්‍රවාදී  අයිතියක්  තිබෙනවා ජන්දය  තියන්න. අපි  කියනවා මේක සෞඛ්‍ය අංශ  එක්ක  සාකච්ඡා   කරලා   පුළුවන්   දවසක  පුළුවන්  විදිහකට තියන්න  කියලා. අපිට  ජනාධිපතිවරයෙක්  ඉන්නවා. අගමැති  වරයෙක්  ඉන්නවා. අපිට  ආණ්ඩුවක්  ති⁣යෙනවා. ජුනි  20 මැතිවරණය  තිබිබත්  අපි  සාර්ථකව  ඉදිරිපත්  වෙනවා. වෙන  දවසක  තිබිබත්  ඉදිරිපත්  වෙනවා”

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *